ටිකක් විතර උණ අරන් අඩුවුනා විතරයි. ටිකක් කිව්වේ 102ට විතර. මට ඉතින් ඉන්න බෑනේ නලියනව. ඉතින් වෙන කවරදාකදී වගේ මම අදත් මගේ දුප්පත් කැමරාවත් අරන් වත්ත පිටියේ ඇවිද්දේ අලුත් දේවල් ඇති කියල බලාපොරොත්තුවෙන්. මගේ තනියට මාත් එක්ක කවදත් ගියේ Nikon D90 කැමරාව. Macro Lens එකක් ගන්න හීනේ තාමත් හැබෑ කරගන්න බැරි වුන නිසා වෙනසකටත් එක්ක අනිත් ලෙන්ස් පැත්තක දාල Nikkor 50mm 1.8G එකයි 68mm extension tube set එකයි අටවගෙන Tripo TR-950 speed light එකත් අටවගත්තා. ටිකක් එහේ මෙහේ යද්දි හම්බුනා two-striped jumper (Telamonia dimidiate) පිරිමි සතෙක්.. පින්තූර ගනිද්දී තේරුණා මෙයා ටිකක් මගේ තියෙන ලයිට් එකෙන් ආලෝකමත් කිරීම සාර්ථක මදි කියල. ඉතින් මම කලින් හදපු Light controllers එක්ක ට්‍රයි කරල බැලුවා. හරි ගියේ නැහැ. මොනවා වුනත් කමක් නැහැ කියල පටන් ගත්තා අලුත් එකක් හදන්න.
මගේ කැමරාවයි ගැජට් ටිකයි |
මුලින්ම හදපු light director එක ටිකක් බරයි ඒ නිසා අයින් කලා |
දෙවැනියට හැදූ එක සාර්ථකයි නමුත් 18-105mm ප්‍රමාණයේ ලෙන්ස් එකකට |
අලුතින් හැදූ එක ඉතා සාර්ථකයි |
විනාඩි 15ක් 20ක් විතර යද්දි මම මගේ light control diffuser එකත් අරගෙන එද්දී ටිකක් විතර කණගාටුදායක දෙයක් වෙලා. ඒ තමයි මම පින්තූර ගන්න බලාගෙන හිටපු two-striped jumper ව Spitting Spider (Scytodes lugubris) කෙනෙක් එයාගේ ගොදුර බවට පත්කරගෙන. ගොදුර ඔතපු විදිහ දඩයම භක්‍ෂණ විදිහ නම් Spitting Spiderට විශේෂයි.
කොහොම වුනත් දෙන දෙයියෝ ගෙදරට ගෙනත් දුන්නා වගේ මම අනිත් වැඩ පැත්තක දාල ගොදුරු වුන කෙනෙගෙයි ගොදුරු කල කෙනාගෙයි පින්තූර ටිකක් ගත්තා. අවසානයේ දී වත්ත පුරා විවිධ සත්තු පින්තූර අරන් කලුවර වැටෙද්දී ගෙට ගොඩවුනේ “අසනීපකාරය ගෙයි ඉන්නේ නැතුව පින්නේ ඇවිදල මොකක් හරි කරගනිං” කියල ආදර වදනින් සංග්‍රහ කලාට පස්සේ තමයි. =D
මෙන්න ගත්තු පින්තූර කීපයක්
සොබාදහම අපූර්වව වන්නේ අප එය දෙස බලා සිටීමෙන් නොව අප එය තුල ජීවත් වීමෙනි.
Wonder of nature is felt by living within it not by watching.