කාලෙකට පස්සේ සමාජයේ වෙච්ච දෙයක් ගැන ලියන්න හිතුවා. 2018-01-31 වෙනිදා කියන්නේ පූර්ණ චන්ද්‍රග්‍රහණයක් පෘථිවියට බලාගන්න පුළුවන් වුන දවසක්. ඒ පිලිබඳව මම ලියපු ලිපිය මෙතැනින් ගිහින් කියවන්න පුළුවන්. රූපවාහිණියේ හෝ ගුවන්විදුලියෙන් ඒ ගැන කියන්න කලින් මම මේ ලිපිය ලියුවේ. කොහොම වුනත් කාලගුණික වෙනස නිසා ලංකාවේ බොහෝමයක් අයට මේ සංසිද්ධිය බලාගන්න බැරිවුනා. නමුත් චන්ද්‍රග්‍රහණයේ අවසන් අදියර කීපය බලන්න තරම් අහස පැහැදිලි වුන තැන් තියෙනවා.
මේ කියන්න හදන්නේ ඒ පෙනුන ටිකත් හරිහැටි බලාගන්න බැරිවුන සහ බලාන්න බැරි කල පිරිසක් ගැන. ලංකාවේ විවිධ තැන් වල මේ වගේ අය ඉන්න ඇති. රාත්‍රී අහස නිරීක්‍ෂණය ගැන "ස්කයි ලවර්ස්" තාරකා විද්‍යා සංගමය වෙනුවෙන් මම සක් කල ලිපිය කියෙව්වා නම් ඔයාලට ඒ පිළිබඳව යම් අදහසක් ගන්න පුළුවන් වෙයි.
කෙටියෙන් කියනවා නම් මූලික වශයෙන් ආලෝක දූෂණයෙන් අවම වෙන තැනක් වෙන්න ඕන. ඉතින් මම හඳ පේන්න පටන් ගත්ත මොහොතේ අපේ අම්ම තාත්තටත් මේ අව්තාව පෙන්වන්න කතා කලා. අවට අයටත් ඇහෙන්නම. මොකද මේ සංසිද්ධිය වගේම මේ අවස්ථාව බලන්න පුළුවන් වෙන්නේ ජීවිත කාලයටම එක් වතාවක් පමණක් නිසා. ඒ චන්ද්‍රගහණය නිසාම නොවෙයි. හඳේ විශාලත්වය, දීප්තිය, වර්ණය වගේ හේතු බොහෝමයක් නිසා. ඒ වගේම මම දැක්කා කීප දෙනෙක් එහෙම අවස්ථා තියෙනවා කියල විවිධ මත පල කරල තියෙනවා. ඇත්ත චන්ද්‍ර ග්‍රහණ ඇති වෙනවා. නමුත් මම මේ කියන සියලු කාරණාව් සම්පූර්ණ වන අවස්ථාවක් නම් එන්නේ නෑ.
කොහෝම වුනත් මෙවැනි විශේෂ අවස්ථාවක් බලන්න අධ්‍යාපන මට්ටම අඩු පිරිස් නම් මෙන්න මේ වගේ කතා කියමින් ආලෝක දූශණයට දායක වුනා. "පාර පේන්නේ නෑ.", "කලුවරේ සර්පයොත් ඇති" වගේ කාරණා කියාගෙන විදුලි පන්දමක් අරන් වටේටම කරකවන්න වුනා. ඒ විතරක් නෙවෙයි ගෙවල් වල පිටත විදුලි බුබුලු දල්වලා තමයි අහස බලන්න එන්නේ. ඒ අයට කිව්වා වුනත් ඒ වැරැද්ද හදාගන්න තරම් ඒ අයට දැනුම නම් නැතිව ඇති නමුත් ඒ තරමට බුද්ධියවත් තියෙනවාද කියන එක ගැටලුවක්. හැබැයි ඉතින් කීපදෙනෙක් නම් වැරැද්ද කියද්දී හදාගත්තා. කාලෙකට කලින් අම්පාරේ ඉන්න දවස් වල අධ්‍යාපන මට්ටම අඩු පිරිස් සමඟ තාරකා වැඩසටහන් කරද්දී නම් දෙතුන් සීයක පිරිසක් කාරණාව පැහැදිලි කල කීපදෙනා කටින් කට යවන පණිවිඩයෙන් ඒ අය බෙහෝම ලේසියෙන් සියල්ලන්ම ආලෝක දූෂණය කරන එක නවත්වන්න කටයුතු සලස්වා ගන්තා. නාගරිකව තාක්‍ෂණය භාවිතා කරන අයට සමහර විට ඒ තරම්වත් දැනුමක් නැතිව ඇති.
දෙවැනි පිරිස තමයි අන්තෙටම උගත් අය. දෙයියනේ කියල මට නම් හිටියා ලංකාවේ අධාපන මිනුමේ ඉහලටම උගත් යැයි සලකන උපාධියක් හිමි පුද්ගලයෙකු හා උපාධි හිමි ඔහුගේ බිරිඳකනේ සැදුම් ලද පවුලක්. පිටත විදුලි බුබුලත් දාගෙන දුරකථන කැමරාවකින් ෆ්ලෑෂර් එකත් දාගෙන හඳේ පින්තූර ගන්නවා. සැරින් සැරේට ෆ්ලෑෂර් එක වදින එකෙන් බාධා වෙන්නේ මට. ඒ මහත්තයගෙයි නෝනගෙයි දැනුමයි බුද්ධියයි දෙකෙන් අඩු මොකක්ද කියන එක නම් මට සෑහෙන්න ප්‍රශ්ණයක්. මොකද හිරු එලිය සඳේ වැදිල පෘථිවියට එන්න ගතවෙන කාලය මිනිත්තු 8යි කියන එක උගන්වන්නේ පාසල් කාලයේදී වීම. ඒ විතරක් නෙවෙයි විධිමත් අධ්‍යාපනය ලැබූ විද්‍යාත්මක පසුබිමක ඉන්න තාක්‍ෂණය අඩු නැතිව භාවිතා කරන කෙනෙකුට ඒ ටික අන්තර්ජාලයේ වුනත් හොයාගන්න පුළුවන්. ඒ විතරක් නෙවෙයි මට මතක හැටියට මටත් කලින් DSLR එකක් භාවිතා කල කෙනෙක් විදිහටත් අධ්‍යාපන මිනුමේ ගොඩක් ඉහලින් ඉන්න කෙනෙක් හැටියටත් මම හිතන්නේ නොදන්නවා ඇති පෘථිවියේ ඉඳන් සඳටත් එතැනින් නැවත පෘථිවියටත් ආලෝකය ගමන් කරන්න තත්පර තුනකට ටිකක් අඩු කාලයක් ගතවෙන බව. හැබැයි ඉතින් එහෙම එන්නත් ලේසර් එකක් වගේ ආලෝක ප්‍රභවයක් භාවිත කරන්න වෙනවා. ඉතින් ඒ වෙද්දීත් කැමරාවේ සෙන්සරයට ඒ ආලොකය එනවා කියල හිතෙනවා නම් ආයෙමත් පාසල් අධ්‍යාපනය ලබන්න කියන එක තමා දෙන්න තියෙන උපදෙස වෙන්නේ.
කොහොම වුනත් මේ වගේ දේවල් වලින් බාධාවෙන්නේ ඒ අයට නෙවෙයි. මොකද ඒ අයට අවශ්‍ය වෙන්නේ මේ අවස්ථාව වුනා සහ බැලුවා කියන එක අනිත් අයට කියන්න. නමුත් ඒ සංසිද්ධිය ගැන දැනගෙන ඒ පිලිබඳ ඇත්තටම ආසාවත් තියෙන කෙනෙකුට ඒ වැඩෙන් වෙන බාධාව ගැන ටිකක්වත් හිතුවා නම් ආලෝක ප්‍රභවයක් භාවිතා කරන එක ගැන දෙපාරක් හිතනවා. මේ වගේ විශේෂ අවස්ථා බලන්න ගියාම මේ වගේ බාධාවන් ඇති වුන අය තව ඇති. මම ඒ අයට ආරාධනා කරනවා මෙතැන ඒවා සඳහන් කරන්න කියල (පුළුවන් නම් සහ.....) ඒකේන පුළුවන් ඊලඟ වතාවේදීවත් මේ වගේ සිදුවීමක් හොඳින් බලාගන්න.