මේ ලියන්න යන්නේ දැන් සිදුවුන දෙයක් ගැන පුවතක්. අද ඒ කියන්නේ 2014 මාර්තු 24 වැනිදා මමත් මගේ මිත්‍රයන් දෙදෙනෙකුත් අපගේ වැඩ රාජකාරි වලින් පස්සේ අම්පාර වැව අසල නිර්මාණය වෙමින් පවතින උද්‍යානය පැත්තට ඇදුනේ අපේ සිත් මඳක් රාජකාරි වලින් බැහැර කරල නිදහසේ ඉන්න. කලාතුරකින් අපට හමුවෙන අවස්ථාවල අපි මේ වගේ තැනකට යන එක සාමාන්‍යයයි. රාත්‍රී 8.30ට විතර ආව අපි අපේ රසවත් මාතෘකාවලින් අයින් වුනේ හෙට දිනයක් වෙනුවෙන් කතා කරන්න ගොඩක් දේවල් ඉිතිරි කරගෙන. ඒත් කළුවර මකන මගේ දුරකතනයේ විදුලි ලාම්පුවට අහම්බෙන් වගේ පය පැටලෙන කළුගලක් හම්බවෙනවා. කතාව පටන්ගන්නේ එතැනින්.....
මගේ අඩෙවිය එක්ක ඉන්න හුඟක් අය දන්නවා මම පැරණි දේ ගැන හා අපේ ඉතිහාසය ගැන සොයා බලන බව හා ඒ ගැන ලියන බව. මගේ මිත්‍රයන් කවුද කියල නොකීවත් ඔවුන් මේ සමාජයේ හුඟක් දන්නා අය. මටත් වඩා මේ අම්පාරේ හා ලංකාවේ තැනක් තියෙන අය. නමුත් මම.....? කොහොම වුනත් මගේ පය පැටලුන කළුගල මට විශේෂත්වයක් පෙන්නුවා. ඒ අපේ ඉතිහාසයේ මඟ සළකුණු පෙන්වමින්. මගේ මිත්‍රයන් නවත්තලා අපි තවත් ඒ පිළිබඳ සෝදිසි කලා. එය අතීතයේ කලුගලින් නිර්මිත කොටස් වලට වෙන් කල කැසිකිලි වලක් බව දුටුවාම අප තුල ඇති කුතුහලය වර්ධනය වුනා පමණක් නෙවෙයි අපි ක්‍ෂණිකව ක්‍රියාත්මක වෙමින් අදාල අංශ ඒ පිළිබඳ දැනුවත් කලා.
අම්පාර පොලීසියේ පුරා විද්‍යා ඒකකය, අම්පාර පොලිස් ස්ථානාධිපතිතුමා හා මාධ්‍ය කණ්ඩායම් ඒතැනට බොහොම ඉක්මනින් ලඟාවුනා. අම්පාරේ නිර්මාණය වන විනෝද උයන් වෙනුවට අපගේ උරුමය විනාස කරන එක ගැන එතැනට ආව කිසි කෙනෙක් තුල සතුටක් නම් තිබුනේ නැහැ. එතුන තිබූ ගල්කණු යැයි සැලකිය හැකි කොටස්, තවත් ආරාමයක යැයි සැලකිය හැකි කොටස් පොළව මට්ටමෙන් පහත තිබූ ගඩොල් නිර්මාණ වල කොටස් අපට දකින්න පුලුවන් වුනා. කෙසේ වෙතත් ටික දිනක් වන මේ සොයා ගැනීම් ගැන පුරාවිද්‍යා ඒකකය හෝ වෙනත් අංශ කිසිවක් දැනුවත් වෙලා නම් තිබුනේ නැහැ. අප තුල ඇති කුකුස නිසාවෙන් හා අප ඒය රකින්නට යැවුනේ අප තුල ඇති ඇල්ම නිසාම යැයි මට සිතෙන්නේ අප තිදෙනා තුලම මේ අප අතීතය රැකීම පිළිබඳ ඇත්තේ සමාන දැක්මක් නිසාවෙනි. ඒ විතරක්ම නොවී අප ඒ වනතුරු කතා කලා වූ සියලු මාතෘකා දිව ගියේද මේ අප හෙල උරුමයන් පිළිබඳව වීමත් තවත් විශේෂයක් ලෙසම දකිමි. සැබෑ හෙල ඉතිහාසයක් තනි තනිව සොයා යන අප මෙවන් තැන්වල අප දැනුම හුවමාරු කරගන්නේ සිතේ ඇති නිදහස ඔස්සේ අතීත රූ රටා චිත්තරූප ලෙස මවා ගනිමිනි. ඒ කතාවන් ඔස්සේ අපටම මෙලෙස අප ඉතිහාසය වසන් කරන්න තැත් කරන්නවුන්ගෙන් එය රැකගැනීමට ලැබීම අපගේ මහත් වූ භාග්‍යයක් ලෙස සලකමි.
No comments:
Post a Comment