Pages

Tuesday, June 17, 2014

අළුත්ගම සටන ගැන මගේ අදහස

අළුත්ගම ගැටුමට පස්සේ හැමෝම Racism කියලා දාලා. ඇයි මේ? තව කොටසක් කළු කොඩි දාගෙන කෑ ගහනවා. ඇයි මේ?

මම නම් දකින්නේ එක්කෙනෙක්වත් වැරදි නෑ. කවුරුත් අන්තගාමී නොවුනා නම් ගැටුම් නැහැ. එයාල එයාලාගේ ආගමෙන් අන්තගාමී වෙනවා. අපි ඒක පැත්තක තියමු. අපේ කීයෙන් කීදෙනෙක් බුදුන්ගේ දහම හරි විදිහට පිලි අරන් වැඩ කරනවද?

බුකියෙන් කෑ ගහන ගොඩක් අය බුදුන්ගේ දහම මොකක්ද කියලවත් දන්නේ නැහැ. බුදු දහම කියන්නේ හතර පෝයට සිල් ගන්න එක නම් නෙවෙයි. තමන් තුල ඇති කෙලෙස් නැති කරන මාර්ගයේ ගමන් කිරීම. අපි අහවල් එක කිය කියා කෑ ගහද්දීම කෙලෙස් වර්ධනය වෙනවා විතරයි. ඒ විතරක් නෙවෙයි තරුණ පරපුර අවුස්සන දේශ පාලුවන්ගේ ඉත්තන් වෙලා කෑ ගහන්න පටන් ගන්නවා.

මේ ලඟදි දිගට කතාවුන සහරා වසීර්. උපතින් මුස්ලිම් හැබැයි පින් කුසල් කරන්න හිතන් ඉන්නවා. මම ඒ වැඩසටහන බැලුවා. ඒ නිසා දන්නවා ඒ කියපු වචන වල ආගම ගෑවිලාවත් නැහැ. ඒ නිසා බොරුවට මුස්ලිම් කියල කෑ ගහන්න එපා. මෙන්න මෙහෙම කෑ ගහන්න. "අන්තවාදී මුස්ලිම් හා අන්තවාදී බෞද්ධයන් අතර ගැටුමක්" මම හිතන්නේ ඒක සාධාරණයි.

මම මේ දේවල් කියන්නේ අවුරුදු තුනහමාරක් මුස්ලිම් අය එක්ක ඉඳලා තියෙන නිසා. මේ මගේ මුස්ලිම් යාළුවෙක් බුකියේ දාපු Status එකක්. මේකේ කියන්නේ ගහගමු කියලද?

"Dear Brothers. The situation in Alutgama and Beruwela is under control. Some of our Muslim brothers shops and house hv been burnt and broken down, and a few of them have got injured too. The STF has controlled the situation, a few other small incidents hv happened in and around colombo, please do not panic. please do not forward what ever messages you get to each other, as a lot of rumours are being spread and causing a panic, pray to almighty Allah fr the safety of all our Muslim brothers and sisters and keep calm at this time of the night. Do not send children to school in the morning and stay indoor.
Dear friends/friend,
This important message for the Muslims. As u know we are having trouble in Sri Lanka. All the Muslims out there please be patient, this is a trickery, they wants us to take weapons and make us look like terrorist so don’t fall for this trickery. We should not start a fight by this, if we do that would be the biggest mistake. Remember Prophet Muhammad (sal) biggest Sifat was patient which led him to a great success. So my dear friends Ask dua from Allah that’s the biggest weapon. Believe me!!! Some Sinhalese are protecting the Muslims in Aluthgama. Not all five fingers are same, there are good people and bad people all of them are Allahs creation, same way not all Sinhalese are bad. So dear friends ask dua from the almighty Allah and lets bring peace to this country. Share this to all ur Muslim friends
Thts wt cant say
Ech person syng diffrnt things
Dnt no whom 2 blv
We have started chain of Aayat-e-Karima 250,000,000 times. Bismilah hirahamnirahim(LAA ILAHA ILLAA ANTA SUBHANAKA INNI KUNTU MINAZ ZWALIMEEN) for the Peace of Muslims everywhere in the World. Just read ONCE and forward it to all your muslim contact and please DON'T stop.. For the Love of Allah and his messenger send to all. May Allah reward u ."

බුදුන් වහන්නේ සටන් කරන්න කිව්වද? එහෙම කරන්න පලිගන්න හිතද්දීම ඒ අය බුදුන්ගේ දහමින් එලියට ගිහින් ඉවරයි.  එතැනින් පස්සේ ඒ අයගෙන් අහන්න තියෙන්නේ ආගමික නායකයෙකුගේ නම විකුණන් කන එක හරිද කියල විතරයි. ධර්මය රකින්න. මම මගේ ආගම අවුරුදු තුනක් තිස්සේ මුස්ලිම් යාළුවන්ට කියා දුන්නා. පුළුවන් විදිහට. මට ආව තර්ජන වුනත් නොසලකා මම ඒ අයට කියා දුන්නා කොහොමද මේ දේ වෙන්නේ කියල. බුදුන්ගේ දහම දර්ශනයක් මිස ආගමක් නොවන නිසා තමයි අපි අදත් ඔය විදිහට සටන් කරන්න හදන්නේ. සිවුර උස්සන් යන හාමුදුරුවෝ හොඳයි කියල රැස්වීමකට කතා කරන අපි බුදුන් කිව් විදිහෙන්ම ධර්මය දේශනා කරන කොටුවේ පොඩිහාමුදුරුවන්ට බණිනවා. මතක තියා ගන්න අතේ ඇඟිලි පහ එක වගේ නැහැ. ඒ නිසා හැමෝටම එකම විදිහකට කියල තේරුම් කරන්නත් බැහැ. 
බුදුන්ගෙන් බණ අහලත් තේරුම් ගන්න බැරි අය හිටි බව අපේ ධර්මයේම තියෙනවා නේද? ඒ නිසා කල යුත්තේ බුදුන්ගේ දර්ශනය තේරුම් ගන්න උත්සාහ කිරීමයි. සටන් කිරීම නොවෙයි. වැරදි දේට වැරදියි කියන්න. ඒක වැරදි වෙන්න තරම් හේතු පහදලා දෙන්න. තේරුම් ගත්තේ නැත්තම් තව වරක් දෙවරක් බැරිනම් සියවරක් පහදන්න. තමන්ට බැරි නම් තමා ‍තේරුම් ගන්න කෙනෙක් ලවා තේරුම් කරවන්න. නැතිනම් අතෑරල දාන්න. තමන්ගේ ගමන යන්න මොකද තමන් නොගිය ගමනක් ගැන කාටවත් කියන්න බැහැග බුදුන්ධර්මය දේශනා කලේ නිර්වාණය අවබෝධ කරගෙන.

No comments:

Post a Comment