මෙි ලියන්න යන දේ නම් ගොඩක් මත ඉදිරිපත් වෙන්න පුළුවන් කතා මාතෘකාවක්. ඒත් කතා කල යුතුයි. මුලින්න තියෙන කාරණාව තමයි අපි පොඩි කාලේ වෙන්න හිතපු, අපි දක්‍ෂ වුන, අපේ සිතුවිලි කරන්න කියල තෝරපු දේමද අපි අද කරන්නේ කියන එක. ඒකට බොහෝමයක් දෙනාගේ පිළිතුර වෙන්නේ නැහැ කියන එක. හරි පොඩි කාලේ හීන දකානවා. ඒවා සැබෑ වෙන්නම ඕන නැහැ කියන පිරිසක් ඇති. ඒත් සවිඥාණිකව හිතන්න පොඩියක්. අපි පොඩිකාලේ සමහර දේට ආස කරන්නේ ඒ දේ දැක්ක ගමන්මයි. ඒ දේවල් වලින් වැඩ කරන්නේ කවුරුවත් කියල දීල නෙවෙයි. නමුත් අපි කොහොම හරි ඒ දේට දක්‍ෂයි. ඒ කොහොමද?
බුදු දහමේ හැටියට නමක් දුන්නොත් අපි පෙර භවයක ඉඳන් අරන් ආව දේවල් තමයි ඒ. අපි ආත්ම ගානක ඉඳන් යම් යම් දේ පුරුදු පුහුණු කරල තමයි එන්නේ. ඒ දේට අපි කොහොමත් දක්‍ෂයි. ඒත් අපි පුංචි කාලෙම ඒ දේවල් වහල දාල වැඩැහිටියන්ට ඕන කරන පාරවල් වලට ඇදල දානව. ඒක ගොඩක් තැන් වල වෙන දෙයක්. ඒකෙන් වෙන්නේ සහජයෙන් දක්‍ෂතා තියෙන අය වෙනුවට පුරුදු කරපු අය ටිකක් බිහිවෙන එක.
අපි කොහොම හරි යම් යම් දේවල් වලට පුරුදු වුනා කියමුකෝ. මේ අයගෙන් බොහෝ දෙනෙක් අවුරුදු 20-30 අතර කාලයේ රැකියාවලට යන්න පටන් ගන්නවා. හැබැයි එතැනදී අපි ජීවත් වුන මුල් අවුරුදු 20-30 අමතක කරලා ඒ ඒ ආයතන වලට ඕන හැටියට හැඩ ගැහෙනවා. තමන් ඒ විශයයන්ට කොයි තරම් දක්‍ෂ වුනත් තමන්ගේ සිතින් තමන්ට මේ නිසා අහිමි වුන නිදහස, තමන්ගේ ක්‍රම ආසාවන් මතක් කරමින් තමයි ඉන්නේ. ඒ නිසා තමන් වැඩකරන තැන එක්ක කිසිම ප්‍රියතාවයක් ඇති වෙන්නේ නැහැ. ඒ නිසා රාජකාරිය, මුදල් හා තත්ත්වය වෙනුවෙන් තමන්ගේ ජීවිතයෙන් වටිනාම, ලස්සනම කාලය අමතක කරනවා. ඒ කරල අලුත් ජීවිතයක් පටන් ගන්නවා. ආයතන වලට ඕන විදිහට වෙනස් වෙන්න පටන් ගන්නවා. පස්සේ මුලු ජීවිතේම පරිඝණක වැඩසටහනක් වගේ වෙනවා. නියමිත කාල වලදී යවත්කාල (update) කරන වැඩසටහනක් විතරමයි.
මේ කරුණු කිව්වේ මතුපිටින් විතරයි. තමන් ගැන සහ තමන් දන්න අය ගැන හිතල බලන්න. ඔවුන් සියල්ල මේ දේට අසුවෙලා ඉන්නේ. අනිවාර්යයෙන් තමන්ගේ ජීවිත වල නැතිවුන දේවල් ගැන කල්පනා කරමින්. ඒ අය ඒ දේවල් අමතක කරන්න, තමන්ට නැති වුන දේ අනිත් අය ගන්නවා දකින්න කැමති වෙන්නේ නැහැ. ඒ තුල ඊර්ෂ්‍යාව උපදිනවා. කොහෝම වුනත් අන්තිමට වෙන්නේ සැරින් සැරේ වෙනස් කරපු (version update) රෝබෝවරු පිරිසක් බිහිවෙන එක. තව ටික කාලෙකින් කෘතීම බුද්ධීය සහිත රෝබෝවරු නිර්මාණය වෙද්දී මිනිස්සුන්ට තැනක් නැතිවෙනවා වගේම ඔවුන් තව දුරටත් ජීවයක් පවත්වාගෙන යාම අත්හැරල දාන්නත් පුලුවන්.
ජීවිතේ මෙහෙමයි කියන්න කලින් කල යුතු දේ මම ජීවත්වෙන්නේ මෙහෙමයි කියන එක. තමන්ගේ පාර තමන් සොයාගන්න. ඒක කුඩා කාලයේදීම කරන්න ඉඩ දෙන්න. ඒ තුලින් පුහුණු කාර්මිකයන් වෙනුවට දක්‍ෂයන් බිහිවෙයි. අලුත් නිර්මාණ බිහිවෙයි. ඒ විතරක් නෙවෙයි හැමදේටම වඩා හිත්වල කලබලයක් නැති මනුස්සකම ඇති පිරිසක් බිහිවෙයි. ඔයාල හිතල කියන්න මේ දේ වැරදිද? මේ දේ මීට වඩා ගැඹුරින් කතා කල යුතු දෙයක් වුනත් මේ තැන නවත්තන්න හොඳයි වගේම දිග කතාවකට රේස් එකේ දුවන ඔයාල කැමති වෙන්නෙත් නැහැනේ. ඒ නිසා ආයුබෝවන්.
No comments:
Post a Comment