Pages

Monday, November 24, 2014

දුක් විඳින ධීවර කර්මාන්තය

හුඟ කාගෙකින් සමාජයීය මාතෘකාවක් කතා කරන්න හදන්නේ. මගේ අඩෙවිය කියවන කවුරුත් දන්නවා මම ලියන්නේ මම වින්ඳ අත්දැකීම් එහෙම නැතිනම් මට අහන්න දකින්න ලැබුණ දේවල් කියලා. ඉතින් මේ කියන්න හදන්නේත් ඒ වගේ කතාවක්. ටික දවසකට කලින් පොඩි වැඩ කීපයක් වෙනුවෙන් මම විශ්ව විද්‍යාල අධ්‍යාපනය සඳහා ලිහින් හිටපු අම්පාරට ගියා. ඉතින් ඒ එද්දී හරි අපූරු පිරිසක් එකතු වුනා. ඒ ධීවරයන් පිරිසක්. ටිකක් විතර බීලා බස් එකේ නැගල හිටපු නිසා මම හිතුවේම දවසම ඉවරයි කියල. දන්නවනේ ඉතින් බීගත්තු පිරිසක් එක්ක බස් එකේ එනව කියන්නේ කොහොමද කියල. ඒත් ඉතින් ඔවුන් කොයි තරම් ලෙන්ගතු වුනාද කියල තේරෙන්නේ ඔවුන් එක්ක කතාවට වැටුනට පස්සේ. කතාව මට මතක විදිහට එයාලගේ වචන වලින්ම කියන්න උත්සාහ ගන්නම්.
මල්ලි අපි පන්න කරන්නේ මලෙයි වලින් ගිහින් ඈත මුහුදේ ඉතින් දවස් ගනන් යන්න වෙනවා. මේ ඉන්නේ අපේ කොල්ලෝ ටික. (හිටපු අනිත් අය පෙන්නමින්) අපි ඉන්න පැත්තට කුණාටුවක් ආවා. ඒ නිසා අපි ආපහු මලෙයි වරායට ඇවිත් ඉන්නේ මේ දවස්වල.

අයියේ පන්න කරනවා කියන්නේ මොකක්ද? මම ඇහුවා.

පන්න කනවා කියන්නේ මාළු අල්ලන එකට. අපේ අය පන්න කරන්නේ ලොකු කෙලවල්ලෝ. සති ගනන් මාස ගනන් මුහුදේ ඉන්න ඕන. ඒ අල්ලන එක මාලුවෙක් කිලෝ 10ක් 12ක් වෙනවා. අපේ බෝට්ටු ගාල්ල මාතර ඉඳන් සීසන් එකට මලෙයි වරායට ගේනවා. එතන ඉඳන් හැතැප්ම 700ක් 800ක් යනවා දියඹට.

ඉතින් අයියේ ඒ කියන්නේ ගොඩක් දුරනේ. අපට ඒ තරම් මුහුදෙන් අයිති නැහැ නේද?

නැහැ තමයි. ඒ පැත්ත කියන්නේ බංගලි මුහුද. ඒ පැත්තේ නැත්තම් ඉන්දියන් මුහුදේ තමා හොඳ මාලු ඉන්නේ. ඉතින් වැඩි ලාබ ගන්න නම් ඒ පැති වලම පන්න කරන්න වෙනවා.
ඉතින් කොහාමද වැඩේ කෙරෙන්නේ?

රස්සාවේ යනවා කියන්නේ බොහොම භයානක දෙයක්. අපිට නම් දැන් පුරුදුයි. මම කලින් ආමි එකේ හිටියේ. දැන් අයින් වෙලා. මුලින්ම අපි ඇම ගහල යොත් මුහුදට දානවා. ඒකට වෙනම දෙන්නෙක් ඉන්නවා. ඉන්නකෝ මම පෙන්නන්න කරන විදිහ. (දුරකථනය අදිමින්) හැබැයි කොල්ලෝ මේවා වෙන කොහෙන්වත් උඹට නම් ලැබෙන්නේ නැහැ. මේ තියෙන්නේ අපේ අය මාලු මරණ හැටි.

සමහර වෙලාවට අපිව Navy එකෙන් වට කරනවා. ඒ වෙලාවට ඉතින් යොත් කපල පැනල යනවා. සමහර වෙලාව‍ට අහු වෙනවා. ඉන්දියන් Navy එකට අහුවුනාම නම් බෝට්ටු හම්බෙන්නේ නෑ. අන්තිමට එහේ හිරෙත් තැපල තමා එන්නේ. අපේ බෝට්ටුවකුත් ගිය සතියේ අහුවුනා.

ඔහුගේ විසතරය මෙහෙමයි. දුක් විඳිමින් ගෙවන ජීවිතයේ අඩුපාඩු ඔහු වචන විදිහට පිට කලත් එහි කඳුලක් නම් තිබුනේ නැහැ. මේ තියෙන්නේ ඒ අයගෙන් මා ලද වීඩියෝ දර්ශන ටිකක්. මේ ටික දාන්නේ සමහර දේවල් විස්තර කරනවාට වඩා බලන්න දෙන එක වටින නිසා.
https://www.youtube.com/watch?v=LelL_TO6vX0&feature=youtu.be

https://www.youtube.com/watch?v=0mBCh03Jqiw&feature=youtu.be


https://www.youtube.com/watch?v=7n4znFYuxb4&feature=youtu.be

https://www.youtube.com/watch?v=idDdb5cGdY0&feature=youtu.be

https://www.youtube.com/watch?v=sNxrX8vUuxw&feature=youtu.be

https://www.youtube.com/watch?v=NKE6tcDvXlc&feature=youtu.be

https://www.youtube.com/watch?v=t5CtFQBZeuo&feature=youtu.be

https://www.youtube.com/watch?v=B2E-puyLW9s&feature=youtu.be

https://www.youtube.com/watch?v=Tk-Zfv0tTF0&feature=youtu.be

https://www.youtube.com/watch?v=0ESmcR96b2I&feature=youtu.be

කුණාටු වලට අහුවෙලා ජීවිත විනාස වෙන හැටි. ඒවායින් පිරිස් බේරගන්න හැටි. දියඹේ ඉඳන් මාලු මරණ හැටි දකින්න ලැබන්නේ කලාතුරකින් නිසා දාන්නම්. හැබැයි මේ අය කොයි කවුද කියල ‍හොයන්න උත්සහ කරන්න එපා...

Wednesday, November 12, 2014

මගේ ගමන් බිමන් හැත්තෑ හයවන කොටස - දානේ අරන් නාගදීපයට

කාලෙකට කලින් ගිය යාපනේ ගමන ආයෙත් මතක් වුනා. දැන් දැන් යාපනේ ගියපු අය දාන පින්තූර දැක්කාම සහ යාපනේ යන්න යාල් දේවී ගැන දැන්වීම් පලවෙද්දී මටත් කීප පාරක් හිතුනා ආයෙම යාපනේ යන්න. ඒත් රාජකාරී නිසාවෙන් සීමා වුන නිවාඩු එක්ක ටිකක් විතර අමාරු වැඩක් තමා යාපනේ යනවා කියන්නේ. ඒත් ඉතින් සංවර්ධන වැඩපිළිවෙලවල් එක්ක ඉස්සර වගේ තිස් වසරක යුද්ධයේ නටඹුන් ගොඩක් ඒවා දැන් අයින් කරලා. ඒත් 2009 මැයි මාසේ යුද්ධය අවසන් කියන පණිවිඩේ ලැබිලා, 2010 ජුනි මාසේ යාපනේ යන්න ලැබෙන එක ඇවිදින්න දඟලන මම වගේ එකෙකුට මාර දෙයක්.

2010 ජුනි මාසේ පොසෙන් පෝය දවසේ මගේ ඥාතියෙකුගේ මාර්ගයෙන් කොළඹ ඉඳන් යාපනේ යන්න ආරාධනාවක් ලැබුනාම මම එක පයින් කැමති වුනා. ඒත් කැමරාවක් නැතුව යන්න බැරි නිසා යාළුවෙක්ගෙන් දුප්පත් කැමරාවක් අරන් පටන් ගත්තා යාපනේ යන්න. ඉතින් උදේම අම්මයි මමයි යාපනේ යන නඩේ එක්ක එකතු වෙද්දී පට්ට ත්‍රිල් එකක් තමා හිතේ තිබ්බේ. හැබැයි ඉතින් නඩේ මගේ වයසේ එකෙකුට හිටියේ මම ම විතරයි.  කොහොම වුනත් පටන් ගත්තු වෙලේ ඉඳන් පොටෝ ගහන්න නම් පුළුවන් කමක් තිබුනේ නෑ මොකද අනුන්ගේ කැමරාව, පොඩි මෙමරිය නිසා. ඒ නිසා පොටෝ ටිකයි. එහෙනම් මෙන්න කතාව. ටිකක් දිගයි. ඒත් රසවත් වෙයි කියල හිතනවා. ඔයාලගේ අදහසක් පහලින් දාල යන්න.
පාන්දර කොළඹින් පටන් ගත්ත ගමන වව්නියා කිලිනොච්චි මාර්ගයට එද්දී දවල් වුනා. ඒ මාර්ගයේදී අපට දවල් 11 විතර වෙද්දී යුධ හමුදා සෙබලුන් සංවිධානය කල ‍ොසෙන් දන්සැලකින් කෑම ටික ලැබුණා. අපූර්ව මිත්‍රත්වයකින් හෙබි සෙබලුන් අප හා කතා කලේ බොහොම සතුටින්. එතැන ඉඳන් අපි කෙලාන්ම ගියේ ඉරණමඩු ජලාශය බලන්න. කිලිනොච්චි නගරයේ ඉඳන් කිලෝමීටර 8ක් විර ඈතින් තමා තියෙන්නේ. ලංකාවේ තෙවනියට විශාලම ජලාශය වෙච්ච මේ ජලාශය වර්ග සැතපුම් 227ක් විතර වෙනවා. කිලිනොච්චි ජනතාව යල මහ කන්න දෙකම වගා කරන්න ගන්න මේ ජලාශය යුද්ධය නිසාවෙන් විනාශයට පත්වෙලයි තිබුනේ. මම යද්දී විනාශයේ කෙලවරවල් දකින්න තිබුනා. ධාතුසේන රජුගේ නිර්මාණයක් විදිහට සැලකොන මේ ජලාශය ඒ කාලේ නෙම්ඩුව ජලාශය විදිහට තමා හඳුන්වල තියෙන්නේ. කන්කර්යන්කුලම්, මුනියන්කට්ටු, කායන්තේ හා ඉරණමඩු තමා මේ ප්‍රදේශයේ තියෙන ප්‍රධානම ජලාශ වෙන්නේ.
එතැනින් ඉදිරියට ඇදුනේ ත්‍රස්තවාදීන් විසින් බිමදාපු විශාල වතුර ටැංකිය බලන්න. ඒ තැන දුක්කාම අපට තේරුණා ඔවුන් කල විනාශයේ තරම. ඒ වතුර ටැංකියේ විශාලත්වය හා ඒය පුපුරවා දාපු තැන දැක්කාම අපට කොටි ත්‍රස්තවාදය කොයි තරම් අලාභයක් කරලදකියල හොඳින්ම වැටහුනා. එතුන වැඩිවෙලා රැඳෙන්නේ නැතිව අපි කොප්‍රල් ගාමිණී කුලරත්න ස්මාරකය බලන්න පිටත්වුනා.

1987 දී හමුදාවට ලාන්ස් කොප්‍රල් කෙනෙක් විදිහට යුද්ධ හමුදාවට බැඳුන ගාමිණි කුලරත්න සෙබලා 1991 දී අලිමංකඩ සටනදී දිවි පූජා කරනවා. ඒ 600ක් සෙබලු හිටි බංකරය 5000ක් විතර ත්‍රස්තවාදී සේනාවක් වටකරල පහර දෙනවා. සටන උග්‍රවෙලා තියෙද්දී ත්‍රස්තයන් එවන විශාල යුද්ධ ටැංකිය බංකරය තුලට එන්න සූදානම් වෙනවා. ඒක ආවොත් බංකරේ ඉවරයි කියල දැනගත්තු මේ වීර සෙබලා අත්බෝම්බ දෙකක් අරන් යුද්ධ ටැංකියට පැනල ඒක විනාශ කරනවා. ඒ කල දෙය කොයි තරම්ද කියනවානම් ලංකාවේ පළවෙනි වතාවට සෙබලෙකුට ලැබෙන උසස්ම සම්මානය වුන "පරම වීර විභූෂණ" සම්මානය එක්ක ඔහු‍ගේ නිලය කොප්‍රල් දක්වා ඉහල දානවා. නමුත් ඒ සියල්ල ගන්න ඒ වෙද්දී ඔහු මේ ලොකයේ නැහැ. අදත් හසලක ගාමිණී ලෙසින් රටම හඳුනන ඔහුගේ පිලිරුවක් හසලක ප්‍රදේශයේදීත් දකින්න පුළුවන්. 
එතැනින් නල්ලූර් කොවිල බලන්න තමා පිටත් වුනේ. නල්ලූර් කියන්නේ සියවස් කට විතර කලින් උතුරේ හිටි හින්දූන්ගේ ශුද්ධ වූ නගරය. නල්ලූර් කෝවිල හදල තියෙන්නේ කෝට්ටේ රාජධානියේ හිටි 6 වන පැරකුම්බා රජුගේ අප්‍රමාණ සෙන්පති වුන සපුමල් කුමරුවන් විසින්. ඔහු තමා සෙම්බපෙරුමාල් කියන නමින් හඳුන්වලා තයෙන්නේ. ඔහු හදපු මේ කෝවිල නල්ලූර් කන්දසාමි කෝවිල විදිහට තමා ප්‍රසිද්ධ වෙන්නේ. එතැනින් හවස් වෙද්දී අපේ එදා ගමනේ අවසානය සනිටුහන් වෙන්නේ නාග විහාරයෙන්. ඒ යාපනය නගරයේ.
1935 දී කඩවැද්දුවේ නන්දාරාම නාහිමියන් විසින් මෙම විහාරය ඉදිකරවල ශ්‍රී මහා බෝධීන් වහන්සේගේ අංකුරයක් මෙහි රෝපණය කරවල තියෙනවා. මෙමගින් උතුරේ විහාරස්ථානවල බෞද්ධ කටයුතු මෙහෙයවා ඇති බවද කියවේ. නමුත් කොටි ත්‍රස්තයන් විසින් 1985දී මෙහි බෝධීන් වහන්සේ හැරෙන්නට අනෙක් සියල්ල බිමට සමතලා කර විනාශ කරල තියෙනවා. නමුත් පසුව හමුදාවෙන් මෙක පිලිසකර කරල බැතිමතුන්ට වන්දනාමාන කරන්න පුළුවන් තත්ත්වය ඇති කරලදීල තියෙනවා. ඉතින් අපිත් මේ විහාරයේම විශ්‍රාමශාලාවේ රැය පහන් කරන්න තොරගත්තා. උදේ පාන්දරම නාගදීපයේ යන්න තමා හිතන් හිටියේත ඒ නිසා වැඩි වෙලා නොගෙන නින්දට ගියා.
උදේම අපි නාගදී‍පයට යන්න පිටත්වුනේ දානයත් සූදානම් කරගෙනමයි. හැබැයි ඉතින් නාගදීපයට යන්න තියෙන්නේ නම් බෝට්ටුවෙන්. බෝට්ටු වලට සෙනග දාන්නේ නියම ප්‍රමාණයට විතරයි. ඒකත් හමුදාවෙන් කරන නිසා අඩු වැඩි නම් නැහැ. ජීවිත ආරක්‍ෂක ඇඳුම් දාගෙන අපූරුවට බෝට්ටුවෙන් නාග දීපේ යන එකත් ජොලි වැඩක්. බෝට්ටුවේ තට්ටු දෙකයි. ඇතුලේ යන අයට අමාරුවෙන් තමා වටපිට බලන්න වෙන්නේ. ඉතින් මෙහෙම නාගදීපයේ තොටුපලට ආව අපි නාගදීපය වන්දනා කරන්න වුනා. දෙවෙනිවර බුදුන් ලංකාවට වැඩම කරවා ඇත්තේ නාගදීපයටයි. එනිසා අප ඉතිහාසයේ ඉතා වැදගත් පූජනීය ස්ථානයක් විදිහට අපට නාගදීපය හඳුන්වන්න පුළුවන්. මණිනාග දිවයින, සමුද්‍රනාග දිවයින කියන නම් වලින් හඳන්වපු නාගදීපයේ එදා මහෝදර නම් නා රජ වාසය කලේ යැයි ඉතිහාසයේ කියවේ. කැලණිය රජ කල චූලෝදර නා රජ හා මහෝදර නා රජ අතර මිණිපලඟක් නිසා හටගත් යුද්ධය සංසිඳවීමට දෙව්රම් වෙහෙර අසල කිරිපලු රුකක වාසය කල සමිද්ධි සුමන දෙවියන් සමග බුදුන් වහන්සේ ලංකාවට වැඩම කරවා ඇති අතර ඒ සමඟ බුදුන්ට සෙවණ දීමට සමිද්ධි සුමන දෙවියන් කිරිපලු රුකද රැගෙන අ‍ාවේය. පසුව යුද්ධය සමතයකට පත්කර මිණිපලඟ හා කිරිපලුරුක වන්දනා මාන කිරීමට ඉතිරි කර නැවත දෙව්රම් වෙහෙරට වැඩම කරවා ඇත. එම මිණිපලඟ නිධන් කර සෑදූ චෛත්‍යය නාගදීප චෛත්‍යයයි. කිරිපලුරුක අදල පිහිටි නිසාවෙන් රාජායතතන චෛත්‍ය විදිහටත් ප්‍රසිද්ධ වලා තියෙන්නේ මේ චෛත්‍යයමයි. දේවානම්පියතිස්ස, වොහාරතිස්ස, අග්‍රබෝධි හා විජයබාහු ඇතුලු විශාර රජවරු පිරිසක් පසුව මෙම විහාරය ප්‍රතිසංසිකරණය කිරීමට දායක වී ඇත.
එතැනින් නාගපූෂානි කෝවිල බලන්නත් ගියා. මෙහි ඇති දේව රූපය මීට වසර දහස් ගණනකට පෙර පොළොවෙන් මතුවී ආ බවත් එමෙන්ම දකුණු ඉන්දියාවේ සිට යාපනය දක්වා වෙළඳාමේ ආ වෙළඳුන්ට සිදුවූ අකරතැබ්බයක් ඔස්සේ මේ කෝවිල ගොඩනැගුණු බවත් ජනප‍්‍රවාදයේයි. ඒත් මේ කොවිගේ නම් පින්තූර මා ගාව නැහැ. එතැනින් ආයෙත් බෝට්ටුවෙන් යාපනේට ආව අපි ජෙනරල් ඩෙන්සිල්  කොබ්බෑකඩුව ඇතුළු පිරිසට බෝම්බ අවා රථය පුපුරවා හැරීම පරීක්‍ෂා කිරීම සඳහා නැවත පුපුරවා හැරි නිදර්ශක රථයක් බලන්න ගියා. ඒ අවට ප්‍රදේශ වලින් ඇතුල් පාරවල් වල නම් යන්න දෙන්නේ නෑ ඒ දවස් වල. මොකද ඒ වෙද්දීත් බිම්බා්ම්බ පිටි සුද්ධ කරල ඉවර නැති නිසා. එතැනින් අපි පිටත් වුනේ ‍ඓතිහාසික කදුරුගොඩ විහාරය බලන්න.
හුණුගම එහෙමත් නැතිනම් චුන්නකාම් කියන ප්‍රදේශයේ තමා මේ විහාරය තියෙන්නේ. බුදුන් නාලදීපයට වැඩි දිනයේ වෙහස නිවාගැනීම සඳහා මෙතැන සිටි බවත් ඉතිහාසයේ කියවේ. තවද කැණීම් වලින් කුඩා ප්‍රමාණයේ දාගැබ් 60ක් පමණ හමුවී ඇති නිසාවෙන් මෙය උතුරුකරයට විශේෂ ස්ථානයක් වී ඇත. මෙහි බුදුන් ධර්මය දේශනා කල ස්ථානය රජ්ජතන නම් චෛත්‍යය ගොඩනගා ඇත. “පුවන්කු දිවයින“ – පුංකුඩුතිව් හි වැඩ වාසය කරන ලද රහතුන් වහන්සේලා හැට නමක් අපවත්වු බවත් එම භෂ්මාවශේෂ නිදන් කොට දාගැබ් හැටක් ඉදි කර ඇති බව ප්‍රවාදයේ පවතින්නෙකි. 1917 කැණීම් සිදු කර මෙම පුරාවෘත්තය තහවුරු කර ඇත. එතැනින් යන්න තිබුනේ දඹකොල පටුනට. එතැනදී තමයි සංඝමිත්තා තෙරණින් වහන්සේ දඹදිවින් වැඩම කල ශ්‍රී මහා බෝධීන් වහන්සේගේ ශාඛාව දේවානම්පියතිස්ස රජුන්ට බාර කරල තියෙන්නේ. පුරාණයේ "ජම්බුකෝලපට්‌යාන" කියන්නේ මෙරට අනත් රටවල් එක්ක සම්බන්ධ කළ ස්‌වාභාවික වරායක්. ඒ ක්‍රි. පු. 3 වැනි සියවසට පෙර යුගයේ. ස්‌වාභාවික වරායක්‌ වූ ජම්බුකෝලපට්‌යාන එකල භාවිත වූයේ නාවික ගමනාගමන කටයුතු සඳහායි. අවුරුදු දහස්‌ ගණනාවකට පස්සේ වුනත් ඒක ඒ විදිහටම ස්‌වාභාවික වරායක්‌ විදිහට තියෙනවා.
දවසත් ගෙවිල අපේ ගමනත් අවසන් කරන්න අපි අවසාන ගමන දා ගත්තේ කීරමලේ නාන පොකුණ ගාවට. මේ පොකුණට වතුර එනවා කියන්නේ අසලම ප්‍රදේශයේ තියෙන පතුල නොපෙනෙන ලි‍‍ඳෙන්. එය එසේ කියන්නේ එහි පතුලක් සොයැ ගැනීමට නොහැකි වූ නිසාවෙන්මයි. කීරමලේ පොකුණ ස්වභාවයෙන්ම දෙකකට බෙදී ඇති නිසා ගැහැණු පිරිමි දෙපාර්ශවය වෙන වෙනම නෑමට භාවිතා කරනවා. මේ පොකුණෙන් නෑවම ලෙඩ හොඳ වෙන බවත් රූමත් වෙන බවත් ජනප්‍රවාදයේ කියවෙනවා. ඒ විතරක් නෙවෙයි දරුවන් නැති අය මේ පොකුණෙන් නාල ලඟ තියෙන කෝවිලට තිහින් ශිව ලිංගය නෑව්වාම දරුපල තියෙනවා කියලත් විශ්වාසයක් තියෙනවා. රාවණ ඉතිහිසය සම්බන්ධවත් මෙහි පුරාවෘත නැතවාම නොවෙයි. වැඩිවතුර මුහුදට පිටාර ගලන්න මුහුද ලඟම හදල තියෙන මේ පොකුණු වල වතර ලුණු රස නොමැති බවත් කියවෙනවා. අපේ අයට ගෙදර එන්න ඕන කම තිබ්බ නිසා නගුලේශන් කෝවිලට නම් යන්න පිටත් වුනේ නැහැ. පොසෙන් බලාගෙනම යාපනේ ගමන අවසන් කරල කොලඹට එද්දී නම් තුන්වෙනි දවසත් එලි වුනා.
අපූරු ගමනක් වුනත් පින්තූර ප්‍රමාණය නම් මදි. මෙන්න ඒ තියෙන ටික මෙතැනින්. මදි පාඩුවට පින්තූර ටිකක් මේ තියෙන නම් වලින්ම පොඩ්ඩක් ගූගල් කරල බලන්න. මම හිතන්නේ ඇති ඔයාලට දැක ගන්න පුළුවන් තරමට. 

Saturday, November 8, 2014

මගේ ගමන් බිමන් හැත්තෑ පස්වන කොටස - පුරාණ තොටගමු රන්පත් රජමහා විහාරය

ගාල්ල දිස්ත්‍රික්කයේ හික්කඩුව තොටගමුව හංදියෙන් හැරිල කිලෝමීටර භාගයක් විතර ගියාම අපට තොටගමුව රන්පත් විහාරයේ වාහල්කඩ දකින්න පුළුවන්. කොළඹ ගාල්ල මාර්ගයේ තොටගමුව හංදියේදී චෙත්‍යයක හැඩය ගත්තු නාමපුවරුවක්ද දකින්න පුළුවන්. 1977 දී නිර්මාණය කරන්නට යෙදුනු රාහුල මා හිමියන්ගේ පිළිරුව තමා අපට වාහල්කඩෙන් ඇතුල් වෙද්දීම දකින්න ලැබෙන්නේ. මේ විහාරය හා ඒ අවට ප්‍රද්ශය අතීතයේ සිටම අභය භූමියක් කර තිබූ බවට සාක්‍ෂි ඇත. විහාරය අවට තිබු විශාල භූමිය අද කුඩා ගම් වලට බෙදී ඇති නිසාවෙන් එදා විහාරය සතු ඓතිහාසික වස්තූන් අද ගම් කීපයක් පුරා විසිරි ඇත.
අනුරාධපුරයේ ශ්‍රී මහා බෝධීන් වහන්සේගෙන් පැවත එන වසර 200ක් පමණ පැරණි බෝධීන් වහන්සේ නමක්ද මෙහි ඇත. අතීතියේ සිට මේ දක්වා විවිධ නම් වලින් මෙම විහාරය හඳුන්වා ඇත. ඉන් සමහරක් නම් තෙල්වත්ත පන්සල, තොටගමු පුරාණ විහාරය, රජමහා විහාරය, රන්පත් විහාරය, පාත තොටගමු විහාරය, පුරාණ තොටගමු රජමහා රන්පත් විහාරය යන නාමයන්ය. පැරණි රජ දවස මෙහි රහතුන් වැඩ වාසය කල නිසාවෙන් ර(හ)ත්පත් විහාරය ලෙසද හඳුන්වලා තියෙනවා. පහතරට පිහිටි පුරාණ විහාර අතරින් පැරණිම විහාරය වෙන්නෙ මේ තොටගමු විහාරයයි. මෙයට රත්පත් විහාරය ලෙස ආ හැටි ගැන ජනවහරේ මේ වගේත් තියෙනවා. ඒ දඹදිවින් පැමණි ශ්‍රී චන්ද්‍ර භාරතී පඬි විසින් ගුරු පඬුරු වශයෙන් දුන් දඹරන් කැබැල්ලක් පෙළව යට නිධන්ව තිබී සමුවීමෙන් පසුව මෙය රන්පත් විහාරය යනුවෙන් ප්‍රසිද්ධ වූ බවයි.














අතීතයේ මහා විජයබාහු රජතුමා මෙහි පන්සාලින් රියන් දිග ප්‍රාසාදයක් ගොඩනැගූ බවත් iv වන පැරකුම්බා රජ විසින් තිස් රියන් දිග මනහර චිත්‍ර ඇති දීර්ඝ ප්‍රාසාදයක් කරවා විජයබා පිරිවෙණ කරවා සංඝයාට පූජා කල බවත් කියවේ. 8-10 සියවසට එනම් අනුරපුර යුගයට අයත් අක්‍ෂර සහිත ටැම් නාථ දේවාලය අසලින් අපට දැකිය හැක. නමුත් ක්‍රිස්තු වර්ෂ 1588 දී තෝ මේද සෞසාගේ මෙහෙයවීමෙන් මෙම විහාරය ගිණිබත් කර පොලවට සමතලා කලද මේ ගල් ටම් ඉතිරිවී තිබේ. පැරණි බුදු මැදුරේ ඇති චිත්‍ර නුවර යුගයට අයත්ය. එනිසා මෙය නුවර යුගයේදී පිලිසකර  කල බැවි සිතිය හැක.










තොටගමුව විහාරයේ ඇති ලංකාවේ වෙනත් කිසිඳු විහාරයක දැකිය නොහැකි තරමේ විශ්ණු ප්‍රතිමාවකද නාථ දෙවිඳුගේ ප්‍රතිමාවක්ද අනංග රූපයක්ද දකින්න පුළුවන්. මෙසේ වටිනා සම්පතක් වුන විහාරස්ථානය කලකට ඉහත තොටගමුවේ ශ්‍රී රාහුල හිමියන්ද ශ්‍රී සුමංගල නාහිමියන්ද වැඩ වාසය කර තිබේ. පොතපතේ හා සංදේශ කාව්‍යයන් බොහෝමක මේ පිළිබඳ තතු සුලකර ඇති අතර ලංකාවේ ඉපැරණි විහාර අතර දකුණු ලක ඇති මෙම විහාරස්ථානයද ප්‍රමුඛස්ථානයක් ගනී.

මගේ ගමන් බිමන් හැත්තෑ හතර වන කොටස - යටගල රජමහා විහාරය

ගාල්ල උණවටුන ප්‍රදේශ‍යෙන් කිලෝමීටර 4ක් විතර හැරිල ගියාම මේ කියන පන්සලට යන්න පුළුවන්. වසර 2300ක් විතර පරණ මේ විහාරයට රජවරු තුන්දෙනෙකුගේ අනුග්‍රහය විවිධ කාල වලදී ලබල තියෙනවා. ඒ නිසා මේ විහාරය අපේ ඉතිහාසයේ විශේෂ තැනක් ගන්නවා.
අනුරාධපුර යුගයේදී දේවානම් පියතිස්ස රජ විසින් සංඝමිත්තා තෙරණින් වහන්සේ විසින් ලංකාවට වැඩම කරවූ ශ්‍රී මහා බෝධීන් වහන්සේගේ දක්‍ෂිණ ශාඛාවන් හටගත් ඵලරුහ වහන්සේ නමක් මෙහි වැඩම කරවා ඇත. තවමත් මෙහි ඇත්තේ එම බෝධීන් වහන්සේ බව පිලිගනියි. පසු ‍කලක, එනම් දඹදෙණිය යුගයේදී පරාක්‍රමබාහු රජුන් විසින් ඔහුගේ අමාත්‍ය දේවපතිරාජ සෙනෙවියාට අණ කර රියන් 18ක් දිග සැතපෙන බුද්ද ප්‍රතිමාවක් ලෙණ තුල කරවා ඇත. ගල යට කල විහාරය පසුව යටගල විහාරය නමින් ප්‍රසිද්ධියට පත්ව ඇත. අවසානයේදී නුවර යුගයේ රජකම් කල ලංකාවේ අවසන් රජතුමා වන ශ්‍රී වික්‍රම රාජසිංහ රජු විසින් මෙය විහාරාධිපති ස්වාමීන් වහන්සේට භාර කරවා ඇත. පසුව බ්‍රිතාන්‍යයන්ගේ සහයයෙන් බෞද්ධ පාසලක් ආරම්භ කරවා ඇත.


බෝධීන් වහන්සේ හා විහාරය අවට ඇති ගල් කුළු නිසාවෙන් අලි ඇතුන් එවකට අපි ඇතුන් බහුල ප්‍රදේශයක පවා මෙම බෝධීන් වන්සේ ආරක්‍ෂා වී ඇත. මෙවන් තැනක බෝධීන් වහන්සේ රෝපණය කිරීමේ අරමුණද එයම විය හැකි යැයි මත පවතී. නමුදු ජනප්‍රවාදයේදී නම් මෙය හුදෙක් බෝධීන් වහන්සේගේම ප්‍රාතිහාර්යයක් බවට විස්වාසයේ පවතී.

සියලු පින්තූර බලන්න...

විහාරගෙය ඇතුලේ ඡායාරූප ගන්න නෙදෙන නිසාවෙන් එහි ඡායාරූප මා ගාව නම් නැහැ.

Friday, November 7, 2014

මගේ ගමන් බිමන් හැත්තෑ තුන්වන කොටස - සාම විහාරය - උණවටුන

කලින් වතාවක මේ සාම විහාර වලින් එකක් ගැන කතා කලා මතක ඇති. ඒ අම්පාරේ තියෙන සාම විහාරය. එතැනදී මේ සාම විහාරය ගැන අතීත විස්තරයක් කලා මතක ඇති. අමතක අය පොඩියක් ගිහින් බලන්නකෝ. අද කියන්නේ උණවටුන ප්‍රදේශයේ තියෙන සාම විහාරය ගැන. මෙතැනට යන හැටි කියන්නම් මුලින්ම. ගාල්ල උණවටුනට ආවම කාටත් හොඳින් දකින්න පුළුවන් දෙයක් තමයි හොලිසිම් සිමෙන්ති ෆැක්ටරිය. එතැනින් ටිකක් යද්දී ගා‍ල්ලේ ඉඳන් යනවනම් දකුණු පැත්තට ‍පාරක් තියෙනවා. ඒ පාරෙන්ම අපට රූමස්සල යන්න පුළුවන්. ඇත්තටම මේ රූමස්සල ප්‍රදේශයේම තමයි සාම විහාරය තියෙන්නේත්.
හරි අපූරු තැනක් විතරක් නෙවෙයි චෙත්‍යය සඳහා ඉහල මලුවක් හා පහල මළුවක් තියෙනවා. ඉහල මළුවේ ඇවිදන් ගියාම හරි අපූරුවට ගාලු කොටුව, වරාය හා බොනවිස්ටා කොරල් පරය සහිත ප්‍රදේශය දකින්න පුළුවන්. ඒ විතරක් නෙවෙයි අවට තියෙන නැව් එක්ක මුහුදු තීරය මනරම් අවස්ථාවන් මවනවා. චෙත්‍යය වටා නිර්මිත බුද්ධ චරිතයේ විශේෂ අවස්ථාවන් නිසාවෙන් හා නි්මාණයේ අපූර්වත්වය නිසාවෙන් මේ සාම විහාරය තුල ඇති චෙත්‍යය විශේෂ තැනක් ගන්නවා.
මුලින්ම මට විහාරගෙය ඇතුලේ ඡායාරූප ගන්න නොදුන්නත් මගේ කර්තව්‍යය කිව්වහම නම් අවසරයක් ලැබුණා. කොහොම වුනත් එහෙම දෙයක් කරන එක සාධාරණයි. මොකද අද කාලයේ විවාහ ඡායාරූප කරන අය මේ තැන් මාකට් කරන්න පටන් අන් තියෙන නිසා. ඒ පිළිබඳ පසුව ලිපියකින් කරුණු ඉදිරිපත් කරන්නම්. නමුත් මෙතැනදීම කියන්න ඕන කරුණක් තියෙනවා. ඒ තමයි බෞද්ධ සිද්ධස්ථාන වල ඒ ඒ හැම දෙයක්ම බුදුන් හා සම්බන්ධයි. ඒ නිසා අඩුම ගානේ ඒ දේවල් වලට පිටුපාල ඡායාරූප ගන්න එකවත් කරන්න ඒපා.
මේ විතරක් නෙවෙයි එම සාම විහාරයට පාමුලින් දැන් හෝටලයක් පවා ඉදිවෙලා. පන්සල එක්ක හෝටලයක් තියෙද්‍දී හොඳයිද කියල ඔයාලම හිතල බලන්න. මට පුදුමේ මේ වගේ දෙයක් හදනකල් අවසර දෙන තැන ඉඳන් ගොඩ නලනකල්ම මේ දේ වැරදියි කියන්න එක්කෙනෙක්වත් හිටියේ නැද්ද කියන එකයි.


කොහොම වුනත් මෙහි අපූර්වත්වය විඳිමින් වන්දනාමාන කරනන එන්න. බෞද්ධ සිද්ධස්ථාන ජවුසන් නටන්න පාවිච්චි කරන්න නම් එපා. වඳින්නේ නැතිනම් අඩුම ගා‍නේ ඒ තැන් වලට අගෞරව නොකර ඉන්න කියල තමා කියන්න තියෙන්නේ.

Thursday, November 6, 2014

ජීවිතය අපූරුයි. විඳින්න. විඳින්න

මේ දවස් වල මට හම්බවෙන පිරිස එක්ක ගත්තහම තරුණ අයගේ ආකල්ප ගැනටිකක් ලිව්වනම් හොඳයි කියල හිතුනා. අද අපේ ආකල්ප වලට මොකද වෙලා තියෙන්නේ කියන කරුණ සහ ඇයි එහෙම වුනේ කියල මට හිතෙන දේවල් වලින් ටිකක් තමයි මේ කියන්න හදන්නේ.
ලාංකික අපිට ගොඩක් ලොකු සංස්කෘතියක් හා වැදගත් සාරධර්ම තියෙනවා කියලයි ප්‍රසිද්ධ. ඒ විතරක් නෙවෙයි අපේ ආගන්තුක සත්කාරයන් පවා ගොඩක් ඉල තැනක තියෙනවා කියලයි කියන්නේ. නමුත් ඇත්ත කතාව අපට එහෙම කාලයක් තිබුනා කියන එක. අද ඒ දේවල් ඉතිරි වෙලා තියෙනවද කියන එක නම් සැකයි. ඒ කාලේ නම් දෙමාපියන් ලමයින්ට මුලින්ම ඉගැන්නුවේ සාරධර්ම. කොහොමද වැඩිහිටියෙකුට, ගුරුවරයෙකුට ගරු කරන්නේ කියල. ඒත් අද ලමයෙකුට කියන්නේ මොනවා හරි කරල කමක් නෑ පළවෙනියා වෙන්න. ඉතින් ලමයි පුංචි කාලේ ඉඳන් පුරුදු වෙන්නේ රේස් එකකට විතරයි. අනිත් එකා ගැන බලන්නේ නැහැ. තියෙන එකම අරමුණ රේස් එක දිනන්න. ඒත් කවදාවත් ඉටු කරල ඉවර කරන්න බරි තරම් අරමුණු ගොඩක් වෙනුවෙන් දුවනවා විතරයි. ඒ ලමයාගේ අධ්‍යාපනය අවසන් වෙන්නේ බිඳුනු බලාපොරොත්තු හා හැමදාම පලවෙනියා වෙන්න ඕන කියන අරමුණ එක්ක. පස්සේ ඔහු සමාජය හා සටන් කරනවා. ‍ඒ කරන සියලු දෙය සඳහා තමාට පලවෙනියා වෙන්න. නමුත් කවදාවත් තමන්ට පුළුවන් තමන් ආස දේ තොරගන්නේ නැහැ. ගොඩක් පිරිස් මුදල් හා බලය පස්සේ තමයි දුවන්නේ. ඒ අය තමන් ආකල්ප අතින් අසාර්ථකයි කියල පිලිගන්න කැමති නැහැ.

අද ලමයෙක්, ගුරුවරයෙක් හෝ වැඩිහිටියෙක් එක්ක කතා කරන්නේ කොහොමද කියලවත් දන්නේ නැහැ. කවුරු හරි කෙනෙක් හිතවත් කමින් කතා කරානම් ඔහුගේ වැඩිහිටිකම හෝ අනිත් ගරුසරු ගිය තැනක්වත් හොයන්න බැරි තරම් අද ලමයින්ගේ ආකල්ප දියුණු වෙලා. මම හිතන්නේ මේ දේවල් සිද්ධ වෙන්න ගොඩක්ම බලපාල තියෙන්නේ ලමයි දුවන රේස් එක. මේ හේතුවෙන් ලමයි තල අතිවෙන ආකල්ප වුනත් කලහකාරී දරුණු ඒවා වෙන්න පටන් ගන්නවා.
අද ලමයෙකුගෙන් මොනවද කරන්නේ කියල ඇහුවම කියන්න තියෙන්නේ කොයිතරම් ටිකක් දේවල්ද? ඉස්කොලේ යනව, පන්ති යනව, ටීවී බලනවා ගේම් ගහනවා වගේ දේවල් ඇරුනම ඔවුන්ට කියන්න දේවල් නැති තරම්. අද පරිඝණක වලට ඇබ්බැහි වෙලා ඉන්න තරුණ පිරිස බොහෝමයි. එතැනිනුත් ඒ දේ ප්‍රයෝජනවත් විදිහට පාවිච්චි කරන්නේ මොන තරම් අතලොස්සක්ද කියල අපි හිතල බලන්න ඕන. ඒත් ඒ කාලේ ලමයෙක්ගෙන් මොනවද කරන්නේ කියල ඇහුවනම් කියන්න මොනතරම් දේවල් තියෙනවද. අද ලමයින්ගෙන් කීයෙන් කී දෙනෙක් කලාවන් ගැන දන්නවද? අඩුම තරමේ කලාවකට හිත යොමු කරනවද. හැම කෙනොම විශේෂයි. හැම කෙනා ලඟම මොනව හරි දක්‍ෂතාවක් තියෙනවා. ගැටලුව තියෙන්නේ ඔවුන් ඒ දේවල් හොයන්න උත්සාහ ගන්නේ නැතුව රේස් එක දුවන්න හදනවා විතරයි.
තමන් කොයි දේට දක්‍ෂද කියල දැන ගන්න නම් ඒ දේවල් කරල බලන්න ඕන. මතකද අපි පොඩි කාලේ පිහියට අත කැපෙනවා කියල අපේ අම්මල කිව්වට අපි ගනන් ගන්නේ නැහැ. ඒත් මොනා හරි වැඩක් කරන්න ගහින් පලවෙනියට අත කපා ගත්තු දවසට අපි ටිකක් විතර පිහියට බය වෙනවා. ඒකෙන් පරිස්සම් වෙන්න හදනවා. මොකද අපට අත්දැකීමක් තියෙන නිසා. හැබැයි අපි පිහියෙන් කැපෙනවා කිව්වම කපාගෙන බලන්නේ නැහැ නේද? අනික අපි ඒකෙන් වැඩ කරන එක නවත්තන්නෙත් නෑ. අපි අහම්බයකින් තමා ඒ දේ ඉගෙන ගන්නේ. ඒ ව‍ගේ තමා ජීවිතේ ගොඩක් පාඩම් ඉගෙන ගන්නේ අත්දැකීමෙන්. ඉතින් ජීවිතේ අතිවිඳින්න ඕන නමුත් අපි තුල කලාව හෝ වෙනයම් දෙයක් වෙනුවෙන් කාලය ඉතිරිවීමත් සමඟ අපි විඳින්න උත්සාහ ගන්නවා. ඒ තුලින් අපේ හිතට නිදහසක් ලැබෙනවා විතරක් නෙවෙයි අපි තල ගොඩ නැගෙන ආකල්ප තුල දරුණු හෝ කලබලකාරී ගතිය අඩුවෙලා යනවා.
මේ මාතෘකාව කියල ඉවර කරන්න නම් බැහැ. ඒත් ඉතිරිය ඔයාලට අදහස් දක්වන්න ඉඩ තියන්නම්. නමුත් ඊට කලින් පුංචි දෙයක් කියන්නම්. "ජීවිතය තරඟයක්. දුවන්න. දුවන්න" කියන දේ අතෑරල දාල "ජීවිතය අපූරුයි. විඳින්න. විඳින්න"  කියන එකට මාරු වෙන්න. අන්න එතකොට හරිම අපූරු ලෝකයක් අපි ඉස්සරහ තියේවි.

Saturday, November 1, 2014

මගේ ගමන් බිමන් හැත්තෑ දෙවන කොටස - ශ්‍රී සුමනාරාම විහාරය

මේ තැන බොහෝම අප්‍රකට තැනක් වුනත් අපි වන්දනාමාන කරන තැන් අතර විශේෂ තැනක් ගන්නවා. ඒ විශේෂත්ව කීපයක් නිසාවෙන්. ගාල්ල දිස්ත්‍රික්කයේ අම්බලන්ගොඩ ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශයේ දිද්දාලිය ග්‍රාමසේවා වසමේ කරුවල බැද්ද ග්‍රාමයේ ඇති මේ පන්සල වේර‍ගොඩ අමරවංශ නායක ස්වාමීන් වහන්සේ මූලිකත්වයෙන් මීට අවුරුදු 70කට විතර කලින් ඉදිකරපු එකක්. ඒ කාලයේ මේ අවට ප්‍රදේශය වනාන්තරයෙන් වැහිලා තිබුනත් කුඩා අඩිපාරක් මේ හරහා වැටිල තිබිල තියෙනවා. මේ අඩිපාරේ යන එන අයට වෙලඳාම් හා නවාතැන් සපයමින් හිටපු දොලවත්තේ උපාසක නැමැති කෙනෙක් තමා මේ තැන ස්වාමීන් වහන්සේට පූජා කරල තියෙන්නේ. ඒ කාලයේ මෙතැන නිකම්ම පැලක් විතරක් වුනත් අද සිමෙන්තියෙන් කල පන්සලක් නිර්මාණය වෙලා තියෙනවා.
නොයෙක් විස වර්ග වලට ප්‍රතිකාර කරමින් ගමේ අයට උදව් කල නායක ස්වාමීන් වහන්සේ හොඳින් ලිවීම කියවීම කල හැකි අයෙක් වුන නිසාවෙන් බොහෝ තැන් වල බණට හා පිරිත් කියන්න ආරාධනා ලැබුනු ස්වාමීන් වහන්සේ නමක්. ඉතා මිහිරි කටහඬක්ද තිබුනු නිසා කොයි කාගේත් හිත දිනාගෙන පන්සල කරගන ගිහින් තියෙනවා. මල්වතු පාර්ශවයේ සියම් මහ නිකායට අයත් නෙ මේ පන්සල තොටගමුව රත්පත් රජමහා විහාරයෙන් තමයි පාලනය වෙන්නේ.
ගිජ්ජකූඨ පර්වතයේ ආකාරයෙන් හැදුනු චෙත්‍යය ගර්භයක් නොමැතිව එහිද බුද්ධෝප්පත්තිය, ධම්සක්පැවතුම හා ප්‍රථම ධර්ම දේශනාව ආදිය මූර්තියෙන් කරවා සකස් කර ඇත. මේ ආකාරයෙන් ලංකාවේ ඇති එකම චෙත්‍යය මෙය යැයි සැලකෙන බවයි එහි දැන් වැඩ වාසය කරන පන්සලේ භාරකාරීත්වය හිමි කරුවල බැද්දේ ධම්මබුද්ධි ස්වාමීන් වහන්සේ පවසන්නේ. තවත් විශේෂ දෙයක් වෙන්නේ දඹදිවින් වැඩම කරවූ බෝධීන් වහන්සේයි. අවුරුදු 70ක් පමණ වයස වුනත් එය තාමත් විශාල වර්ධනයක් නොපෙන්වන බවත් ශ්‍රී මහා බෝධීන්වහන්සේගේ ආකාරයෙන් කොල හැලෙමින් සමෙන් වර්ධනය වන බවත් තමයි කියන්නේ. දඹදිව ඉඳන් මේ බෝධීන් වහන්සේ වැඩමවල තියෙන්නේ අබේවික්‍රම නැමැත්තෙකු විසින්. මේ බෝධීන් වහන්සේ අවට සිටීමෙන් මිනිසුන්ගේ සිත් පහන්වන බවටද විශ්වාසයක් පවතිනවා.
පංච මහා දෙවිවරු වැඩ වාසය කරන්නා වූ දේවාලයද බොහෝ අනුහස් ඇති තැනක් යැයි සැලකෙන අතරම පසුගිය කාලයේ නාගයන් විසින් මේ අවට ආරක්‍ෂා කල බවත් දේවබැල්ම ඇති තැනක් නිසාවෙන් එසේ ‍සිදුවුන බවත් විස්වාස කරන ගැමියන් ඉතාමත් භක්තියකින් යුතුව මෙහි පූජා පවත්වනවා. තවද ඩඩ්ලි සේනානායක මහත්මා විසින් නිර්මාණය කල සේනානායක දහම් පාසලද අද ලමුන් 250ක් පමණ ඉගෙනුම ලබන ඉතා විශිෂ්ඨ ආකාරයෙන් පලාතේ විභාග වලින් ජය ගන්නා දහම් පාසලක් බවත් කියවෙනවා. කෙසේ වෙතත් අපූරු ස්ථානයක් වුන මේ ස්ථානය මනරම් ලෙසින් නිර්මාණය කරල තිබුනත් අද එය ටිකින් ටික වල්බිහි වෙලා තියෙනවා.

මගේ ගමන් බිමන් හැත්තෑ එක්වන කොටස - කළුදිය පොකුණ

ගාල්ල දිස්ත්‍රික්කයේ ඇල්පිටිය පිටිගල ප්‍රදේශයේ තියෙන අපූරු ස්ථානයක් තමා මේ වතාවේ ගමන වුනේ. පිටිගල ඉඳන් මාපලගම පාරේ ටික දුරක් ආවම ගොඩඅමුණ පාරට හැරෙන්න ඕන. එතැනින් බංගමුකන්ද කියන ගමට ගියානම් මේ කියන තැනට යන්න පුළුවන්. කිට්ටුවට යද්දීම දොළපාරක සද්දේ ඇහුන නිසා අපි ටිකක් විතර විමසිලිමත් වුනා. ටිකක් විතර කැ‍ලෑ පාරක ගිහින් මේ කියන තැනට යන්න පුළුවන් වුනත් එන්න කලින්ම අපට හම් තැන ගැන අහන්න ලැබුණ දේවල් ඒ තරම් හොඳ නම් නැහැ.
කළුදිය පොකුණ කියන නම මෙතැනට ලැබිල තියෙන්නේ ඒ නමින් මෙතැන ටෙලි නාට්‍යයක රූගත කිරීම් කලාට පස්සේ කියලයි කියන්නේ. අපූරු පොකුණක් හා දොල පාරක් නිසාවෙන් විඩා නිවන්න නිවාඩුවට එන්න බොහෝම ලස්සන තැනක්. ස්වභාවිකව සෑදුණු පොකුණ එක් අන්තයක ඉතාමත් ගැඹුරු ආකාරයක් තමා තියෙන්නේ. එතැන තියෙන වතුරේ පාට නිසාවෙන් මේ තැනක කළුදිය පොකුණ කියන නම ආවා වෙන්නටත් පුළුවන්.
කොහෝම වුනත් පුංචි දිය පාරවල් හත අටක් එකතුවෙලා මනරම් විදිහට ගලා බහින මේ දොල අන්තිමට කෙලවර වෙන්නේ බෙන්තර ග‍ඟෙන්. ඇත්තම කිව්වොත් මේ තමයි බෙන්තර ගඟේ ආරම්භක ස්ථාන වලින් එකක්.
හැබැයි ඉතින් මේ තැන බලන්න එනවට ගමේ අයගෙන් නම් ඒ තරම් රුකුලක් නැහැ. ‍දොළ අවට සංචාරක නිකේතන ආදිය හදන්න කීප වරක් උත්සාහ කලත් ගමේ අයගේ විරුද්ධත්වය නිසාවෙන් ඒ දේවල් නැවතිලා. මෙතැනට නිවාඩුව ගතකරන්න එන අය මත්පැන් භාවිතා කරල ඒ බෝතල්, ප්ලාස්ටික් හා ඉටි කොල තැන තැන දාන එකට ගමේ අය කැමතිත් නැහැ. මොකද ඒකෙන් මෙතැන විනාශ වෙන නිසා. ගමේ අයට පිටින් එන අය විනෝද වෙන එකට වඩා තමන්ගේ එදිනෙදා වැඩ ටික කරගන්න තියෙන මේ වතුර ටික විනාශ වෙන එක ගොඩක් දැනෙනවා. අපිටත් පොකුණ අවට ගොඩක් වීදුරු කටු කෑලි දකින්න හම්බවුනා.
මේ තැන බලන්න එන්න විනෝද වෙන්න. ඒත් පරිසරය විනාශ කරන්න එපා. අනික මේ තැන සියළු ගල් ලිස්සන සුළු නිසාවෙන් බොහෝම පරෙස්සමින් දොලට බහින්න ඕන. අනික වැඩි සෙල්ලම් දාන්න එපා මේක සුන්දරයි වගේම බොහෝම භයානක වෙන්නත් පුළුවන්. අනිත් පින්තූරත් බලන්න.