මේ දවස් වල මට හම්බවෙන පිරිස එක්ක ගත්තහම තරුණ අයගේ ආකල්ප ගැනටිකක් ලිව්වනම් හොඳයි කියල හිතුනා. අද අපේ ආකල්ප වලට මොකද වෙලා තියෙන්නේ කියන කරුණ සහ ඇයි එහෙම වුනේ කියල මට හිතෙන දේවල් වලින් ටිකක් තමයි මේ කියන්න හදන්නේ.
ලාංකික අපිට ගොඩක් ලොකු සංස්කෘතියක් හා වැදගත් සාරධර්ම තියෙනවා කියලයි ප්‍රසිද්ධ. ඒ විතරක් නෙවෙයි අපේ ආගන්තුක සත්කාරයන් පවා ගොඩක් ඉල තැනක තියෙනවා කියලයි කියන්නේ. නමුත් ඇත්ත කතාව අපට එහෙම කාලයක් තිබුනා කියන එක. අද ඒ දේවල් ඉතිරි වෙලා තියෙනවද කියන එක නම් සැකයි. ඒ කාලේ නම් දෙමාපියන් ලමයින්ට මුලින්ම ඉගැන්නුවේ සාරධර්ම. කොහොමද වැඩිහිටියෙකුට, ගුරුවරයෙකුට ගරු කරන්නේ කියල. ඒත් අද ලමයෙකුට කියන්නේ මොනවා හරි කරල කමක් නෑ පළවෙනියා වෙන්න. ඉතින් ලමයි පුංචි කාලේ ඉඳන් පුරුදු වෙන්නේ රේස් එකකට විතරයි. අනිත් එකා ගැන බලන්නේ නැහැ. තියෙන එකම අරමුණ රේස් එක දිනන්න. ඒත් කවදාවත් ඉටු කරල ඉවර කරන්න බරි තරම් අරමුණු ගොඩක් වෙනුවෙන් දුවනවා විතරයි. ඒ ලමයාගේ අධ්‍යාපනය අවසන් වෙන්නේ බිඳුනු බලාපොරොත්තු හා හැමදාම පලවෙනියා වෙන්න ඕන කියන අරමුණ එක්ක. පස්සේ ඔහු සමාජය හා සටන් කරනවා. ඒ කරන සියලු දෙය සඳහා තමාට පලවෙනියා වෙන්න. නමුත් කවදාවත් තමන්ට පුළුවන් තමන් ආස දේ තොරගන්නේ නැහැ. ගොඩක් පිරිස් මුදල් හා බලය පස්සේ තමයි දුවන්නේ. ඒ අය තමන් ආකල්ප අතින් අසාර්ථකයි කියල පිලිගන්න කැමති නැහැ.
අද ලමයෙක්, ගුරුවරයෙක් හෝ වැඩිහිටියෙක් එක්ක කතා කරන්නේ කොහොමද කියලවත් දන්නේ නැහැ. කවුරු හරි කෙනෙක් හිතවත් කමින් කතා කරානම් ඔහුගේ වැඩිහිටිකම හෝ අනිත් ගරුසරු ගිය තැනක්වත් හොයන්න බැරි තරම් අද ලමයින්ගේ ආකල්ප දියුණු වෙලා. මම හිතන්නේ මේ දේවල් සිද්ධ වෙන්න ගොඩක්ම බලපාල තියෙන්නේ ලමයි දුවන රේස් එක. මේ හේතුවෙන් ලමයි තල අතිවෙන ආකල්ප වුනත් කලහකාරී දරුණු ඒවා වෙන්න පටන් ගන්නවා.
අද ලමයෙකුගෙන් මොනවද කරන්නේ කියල ඇහුවම කියන්න තියෙන්නේ කොයිතරම් ටිකක් දේවල්ද? ඉස්කොලේ යනව, පන්ති යනව, ටීවී බලනවා ගේම් ගහනවා වගේ දේවල් ඇරුනම ඔවුන්ට කියන්න දේවල් නැති තරම්. අද පරිඝණක වලට ඇබ්බැහි වෙලා ඉන්න තරුණ පිරිස බොහෝමයි. එතැනිනුත් ඒ දේ ප්‍රයෝජනවත් විදිහට පාවිච්චි කරන්නේ මොන තරම් අතලොස්සක්ද කියල අපි හිතල බලන්න ඕන. ඒත් ඒ කාලේ ලමයෙක්ගෙන් මොනවද කරන්නේ කියල ඇහුවනම් කියන්න මොනතරම් දේවල් තියෙනවද. අද ලමයින්ගෙන් කීයෙන් කී දෙනෙක් කලාවන් ගැන දන්නවද? අඩුම තරමේ කලාවකට හිත යොමු කරනවද. හැම කෙනොම විශේෂයි. හැම කෙනා ලඟම මොනව හරි දක්‍ෂතාවක් තියෙනවා. ගැටලුව තියෙන්නේ ඔවුන් ඒ දේවල් හොයන්න උත්සාහ ගන්නේ නැතුව රේස් එක දුවන්න හදනවා විතරයි.
තමන් කොයි දේට දක්‍ෂද කියල දැන ගන්න නම් ඒ දේවල් කරල බලන්න ඕන. මතකද අපි පොඩි කාලේ පිහියට අත කැපෙනවා කියල අපේ අම්මල කිව්වට අපි ගනන් ගන්නේ නැහැ. ඒත් මොනා හරි වැඩක් කරන්න ගහින් පලවෙනියට අත කපා ගත්තු දවසට අපි ටිකක් විතර පිහියට බය වෙනවා. ඒකෙන් පරිස්සම් වෙන්න හදනවා. මොකද අපට අත්දැකීමක් තියෙන නිසා. හැබැයි අපි පිහියෙන් කැපෙනවා කිව්වම කපාගෙන බලන්නේ නැහැ නේද? අනික අපි ඒකෙන් වැඩ කරන එක නවත්තන්නෙත් නෑ. අපි අහම්බයකින් තමා ඒ දේ ඉගෙන ගන්නේ. ඒ වගේ තමා ජීවිතේ ගොඩක් පාඩම් ඉගෙන ගන්නේ අත්දැකීමෙන්. ඉතින් ජීවිතේ අතිවිඳින්න ඕන නමුත් අපි තුල කලාව හෝ වෙනයම් දෙයක් වෙනුවෙන් කාලය ඉතිරිවීමත් සමඟ අපි විඳින්න උත්සාහ ගන්නවා. ඒ තුලින් අපේ හිතට නිදහසක් ලැබෙනවා විතරක් නෙවෙයි අපි තල ගොඩ නැගෙන ආකල්ප තුල දරුණු හෝ කලබලකාරී ගතිය අඩුවෙලා යනවා.
මේ මාතෘකාව කියල ඉවර කරන්න නම් බැහැ. ඒත් ඉතිරිය ඔයාලට අදහස් දක්වන්න ඉඩ තියන්නම්. නමුත් ඊට කලින් පුංචි දෙයක් කියන්නම්. "ජීවිතය තරඟයක්. දුවන්න. දුවන්න" කියන දේ අතෑරල දාල "ජීවිතය අපූරුයි. විඳින්න. විඳින්න" කියන එකට මාරු වෙන්න. අන්න එතකොට හරිම අපූරු ලෝකයක් අපි ඉස්සරහ තියේවි.
No comments:
Post a Comment