මාතර දිස්ත්‍රික්කයේ පිටබැද්දර ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසයට අයත් මෙම විහාරය පිටබැද්දර ඉඳල කිලෝමීටර 8ක් විතර ඇතුලට ගියාම දකින්න පුළුවන්. ක්‍රිස්තූ පූර්ව 2වැනි සියවස ඒ කියන්නේ අනුරාධපුර යුගයේ රජකල සද්ධාතිස්ස රජු තමයි කරවලා තියෙන්නේ. කඳු මුදුනක ගල් පර්වතය මත කරවන ලද විහාරය ජනාකීර්ණ බවෙන් සම්පූර්ණයෙන්ම ඈතින් තියෙන තැනක්. මුලින්ම තියෙන කඳ ගැටය මුදුනේ විහාර දොරකඩට ආවාට පස්සේ පහලට බහින්න තියෙනවා ගල් පඩි ගනනාවක්ම. එතැනින් පස්සේ සීග්‍ර නැග්මක් සහිතව අනිත් කඳුගැටයට නගින්න වෙනවා. මේ දෙක අතර පහල නිම්නය හරහා ගලන දොල පාර තමයි යන එන වන්දනා කරුවන්ගේ වෙහෙස නිවන්නේ. ගල් පඩි නම් හොඳින් පිලිවෙකට සකස් කරලයි තියෙන්නේ. ඒ නිසා පහසුවෙන් යන්න පුළුවන්. මේ විදිහට ගල් පඩි 200ක් විතර ඉහලට නැග්ගාම විහාරගෙය ලෙනක් තුල සකස් කරඇති ආකාරය දකින්න පුළුවන්.
මේ විහාරගෙය නිර්මාණය වෙලා තියෙන්නේ ස්වභාවික ගල් වේදිකාවක් උඩ. ලෙන් විහාරය ඇතුලේ 18 රියනක් දිග සැතපෙන පිළිම වහන්සේ නමක් හා සිතුවම් විශාල ප්‍රමාණයක් දකින්න පුළුවන්. මෑත කාලයේදී සිතුවම් ආරක්‍ෂා කිරීම සඳහා වීදුරු ආවරණයක් සකස් කරලයි තියෙන්නේ. විහාරය අසලම රජ්ජුරු බණ්ඩාර දෙවියන් සඳහා දේවාලයක් නිර්මාණය කරල තියෙනවා. මේ ප්‍රදේශය භාරව ඇති දෙවියන් රජ්ජුරු බණ්ඩාර දෙවියන් කියල තමයි සැලකෙන්නේ. එළමල්දෙණිය රාජ මහා විහාරය ඉදි කරවන අතරතුර එක්තරා පුද්ගලයෙක් මේ ස්ථානයට ඇවිල්ල තියෙනවා. සද්ධාතිස්ස රජු ඔහු කවුරුන්දැයි විමසූ විට තමන් මේ වනාන්තරයේ ආරක්‍ෂකයා සහ අධිපති පුද්ගලයා බව පවසල තියෙනවා. මේ පුද්ගලයා ගැන පැහැදුනු රජතුමා ලෙන් විහාරය තුළ ඔහුගේ පිළිරුව නිර්මාණය කළ බව ජනප්‍රවාදයේ කියවෙනවා. මේ ආකාරයට පැමිණ ඇත්තේ රජ්ජුරු බණ්ඩාර බස්නාහිර දෙවියන් බවත් ලෙන් විහාරය තුළ වූ දහ අට රියන් බුද්ධ ප්‍රතිමාවේ සිරස පිටුපස නෙලා ඇති ප්‍රතිමාව එම දෙවියන්ගේ බවද කියැවෙනවා.
ලෙන් විහාරය අසල ඇති පොකුණක ජලය ඇති අතර එය කෙතරම් වැස්සද උතුරා නොයන බවත් කොතරම් පෑවිල්ලක වුවද නොසිඳෙන බවත් කියවේ. පතුල සකස් කර නොමැති මෙය මෙහි ඇති විශේෂ ස්ථානයක් ලෙස සැලකේ. ලෙන් විහාරයේ සිට තවත් කඳුගැටය දක්වා විහිදුනු මාර්ගයක් තිබේ. එය චෛත්‍යය දක්වා විහිදෙන අතර හොඳින් සකස් නොකරන ලද මාර්ගය වනාන්තරය හරහා අඩි පාරක් ලෙසින් සැකසී ඇත. චෛත්‍යය හා එතැනින් පසු තවත් මාර්ගයක පැමිණීමේදී සිරිපා සටහනක් දැකගත හැක. හොඳින් අවධානයෙන් ගමන් කරන්නෙකු වනාන්තරයේ රැහැයියන්ගේ ශබ්දය හා සුලං ශබ්දය නිසා අපූර්ව දැහැනකට නිතැතින්ම සමවැදෙනු ඇත.
අපූරුවත්වය හා සුන්දර පරිසරයක වුවත් අවසන මිනිස් ක්‍රියාකාරකම් නිසා විනාශ වෙන පරිසරයයි. චෛත්‍යය හා කැලෑව තුල තැනින් තැන මිනිසුන් විසින් ගෙන ආ ඉටිකොල හා කැලි කසල නිසා සුන්දරත්වය නොබොදිනකින් හානි වනු ඇත. සුන්දර පරිසරයක් වගේම අපේ පෞඩ ඉතිහාසයේ තවත් සංධිස්ථානයක් නිසාවෙන් මෙවැනි ස්ථාන ආරක්‍ෂා කරගෙන වන්දනාමාන කරන්න කියල තමයි ඉල්ලීමක් විදිහට කරන්න තියෙන්නේ.
No comments:
Post a Comment