උලපනේ - පුස්සැල්ලාව මාර්ගය දිගේ ඇවිත් හරන්ගල පාරට හැරිල හරි නාවලපිටිය - හරන්ගල පාර දිගේ හාරන්ගල හන්දියෙන් හැරිල හරි කොත්මලේ වේල්ල උඩට යන්න පුළුවන්. හැබැයි ඉතින් ලේසි පාර වෙන්නේ උලපනේට ඇවිත් පුස්සැල්ලාව පාර දිගේ එන එක. අවුරුදු ගානක් තිස්සේ බලා ඉඳල කොත්මලේ වැව සිඳුනාම පෙනෙන කඩදොර පන්සල බලන්න ගිය ගමන ගැන තමයි මේ විස්තරය.
අතීතයේදී පිදුරුතලාගල ඔය, නානු ඔය, පූනා ඔය, ග්‍රෙගරි වැව වගේ ඔයවල් වල වතුර ඩෙවෝන් ඇල්ල, සෙන්ට්ක්ලෙයාර් ඇල්ල, රම්බොඩ ඇල්ල, පූනා ඇල්ල, ගැරඬි ඇල්ල වගේ දිය ඇලි වලින් වැටිල අන්තිමට එන්නේ කොත්මලේ ඔයට. ඒක යන්නේ මහවැලි ගඟට. මේ සියල්ල නිසාම අතීතයේ මේ තැන බොහෝම සශ්‍රීකයි. තිස්පනේ කන්දත් කඩදොර කන්දත් අතරින් ගිය කොත්මලේ ඔය නිසා බොහෝම ඉක්මනින් මේ ප්‍රදේශ ජනාවාස වුනා. නමුත් අධික වර්හා කාල වලදී පහත් බිම් සියල්ලම පාහේ ජලයෙන් යටවුනා. ඒ කොයි තරම්ද කියල තාමත් ගම්පොල දුම්රිය ස්ථානයේ බිත්ති වල සටහන් වෙලා තියෙනවාලු.
එක්දහස් නමසිය පනස් ගනන් වල ඉඳන්ම මේ ගංවතුර ගැටලුවට පිලියම් විදිහට වේල්ල තනන්න වුවමනාව තිබුනා වුනත් 1979 කඩිනම් මහවැලි යෝජනා ක්‍රමය නිසා වේල්ලේ වැඩ ආරම්භ කරල තියෙනවා. 1986දී වේල්ල විවෘත කරල තියෙනවා. මේ සියල්ල ඡායාරූප එක්ක වේල්ල නරඹන අයට බලන්න පුළුවන්.
මේ වේල්ලේ විශේෂත්ව කීපයක් තියෙනවා. එකක් තමයි මේක හදල තියෙන්නේ සාම්ප්‍රදායික ක්‍රමයෙන් බැහැරවයි. ඒ පස් වෙනුවට කලුගල් අඩියක් අඟලකට තලල තමයි නිර්මාණය කරල තියෙන්නේ. ජලාශය පැත්තේ විතරක් සෙන්ටිමීටර 50ක ඝනකම තියෙන කොන්ක්‍රීට් එකක් දාල තියෙනවා. අනිත් කාරණාව තමයි හරි කෙලාන් තියෙන වේල්ලක් වීම. මේ වේල්ල අතර මැද වාන් දොරටු නැහැ. කෙලවරක විතරක් වාන්දොරටු සඳහා ඉඩ තියල තියෙනවා. තව දෙයක් තමයි මේකට පිටවානක් නෑ.
සම්පූර්ණයෙන්ම පිරී ගිය විට ජලය ඝන මීටර් දශලක්‍ෂ 174 ක ධාරිතාවක් තියෙන මේ ජලාශයෙන් ජලය ඝන මීටර් දශ ලක්‍ෂ 665 ප්‍රමාණය තෙක් විදුලිය නිපදවීම සිදු කළ හැකියි. පාවිච්චියට ගන්නට බැරි කොටස ඝන මීටර් 24 ක්. එම ජලය අවශ්‍ය වුවහොත් ඉවත් කරන්නට හැකි මඩ සොරොව්වක් ද තිබෙනවා. ජාතික විදුලි බල පද්ධතියට සෑහෙන දායකත්වයක් ලබා දෙමින් මෙගාවොට් 201 ක විදුලියක් මෙයින් නිවදවන්න පුළුවන්. විදුලිය නිපදවීමේදී ජලය, කිලෝ මීටර් 7 1/4 ක දිගට උමඟක් දිගේ අටබාගේ ප්‍රදේශයේ පිහිටා ඇති බලාගාරයේ ටර්බයින වලට ගෙනියනවා. ගොඩ බිමින් නම් එම දුර ප්‍රමාණය කිලෝමීටර් 15 ක් විතර වෙනවා. ජලය තත්පරයකට ඝන මීටර් 5500 ක් මේ එක් දොරටුවකින් මුදා හරින්න පුළුවන්. එහෙම මුදා හැරෙන ජලය කිලෝ මීටර් 10 ක පමණ දුරක් ගොස් මහවැලි ගඟට එකතු වනවා.
පින්තූර ගොන්නට ගිහින් බලන්න...
පින්තූර ගොන්නට ගිහින් බලන්න...
මේ කොත්මලේ ඔය දෙපැත්තේ තියෙන කඩදොර කන්දත් තිස්පනේ කන්දත් පාමුල ගම්මාන 57 ක් ජලයෙන් යටවෙලා තිබෙනවා. ඒ ගම්මාන ආශි‍්‍රතව තිබුණු පන්සල් 54 ක් ඒ සමඟම ජලයෙන් යටවෙලා. පායන කාලෙකදී විතරක් මතුයවන කඩදොර පන්සල තමයි ලස්සනම පන්සල වෙන්නේ සහ විශාල ප්‍රමාණයක ඉතිරිවෙලා තියෙන්නේ. එතැන ඉඳන් අනිත් ඉවුර පැත්ත බලද්දී තිස්පනේ මැද්දේගම පන්සලේ ඉතිරිවුන චෙත්‍ය දකින්න පුළුවන්. ඉස්සර මේ කිට්ටුව පාලමක් තිබිල තියෙනවා. ඈතට ඈතට යන ගල් අතුරලා මිනිස්සුන් එහා මෙහා ගිය පාරවල් වල නටඹුන් දකින්න පුළුවන්. යටවුන පන්සල් හා ගම් සියල්ල වෙනුවෙන් මතක සටහනක් විදිහට මහවැලි මහා සෑය හදල තියෙනවා. ඒක බැම්ම උඩට ගියාම ලස්සනට බලා ගන්න පුළුවන්.
මම ගිය දවසේ හිටි සෙනඟ එක්ක ඡායාරූප ගන්න එක නම් ඒ තරම් ලේසි වුනේ නෑ. ඒ විතරක් නෙවෙයි එන පිරිසට මේ තියෙන්නේ මොකක්ද කියන එක ගැන ගානක් නැහැ. බුදු රුවක් කියන දේ අමතකයි. හැසිරිම කෙසේ වෙතත් මෙතැනට ආව බව පෙන්වන්න ගත්තු ඡායාරූප ගෙදර ගෙනියාම තමයි හුඟක් දෙනාගේ අරමුණ වුනේ. බුදු හාමුදුරුවෝ එක්ක සෙල්ෆියක් ගහගන්න උත්සාහ කරන තරුණයෝ අතරේ වයසක උදවිය තමන්ගේ අතීතයේ ගම් බිම් වල හිටි තැන් පිලිබඳ මතකය අවදිකරන්න උත්සාහ ගත්තා. කොහොම වුනත් ආව තැන අමතක වුන සිංහල බෞද්ධයන් ගාන නම් අපමණයි.
මම ගිය දවසේ හිටි සෙනඟ එක්ක ඡායාරූප ගන්න එක නම් ඒ තරම් ලේසි වුනේ නෑ. ඒ විතරක් නෙවෙයි එන පිරිසට මේ තියෙන්නේ මොකක්ද කියන එක ගැන ගානක් නැහැ. බුදු රුවක් කියන දේ අමතකයි. හැසිරිම කෙසේ වෙතත් මෙතැනට ආව බව පෙන්වන්න ගත්තු ඡායාරූප ගෙදර ගෙනියාම තමයි හුඟක් දෙනාගේ අරමුණ වුනේ. බුදු හාමුදුරුවෝ එක්ක සෙල්ෆියක් ගහගන්න උත්සාහ කරන තරුණයෝ අතරේ වයසක උදවිය තමන්ගේ අතීතයේ ගම් බිම් වල හිටි තැන් පිලිබඳ මතකය අවදිකරන්න උත්සාහ ගත්තා. කොහොම වුනත් ආව තැන අමතක වුන සිංහල බෞද්ධයන් ගාන නම් අපමණයි.
No comments:
Post a Comment