Pages

Monday, February 13, 2017

තවත් එක් අවාසනාවන්ත ඇත්ත කතාවක්...

හවස සාගරිකා දුම්රියේ එද්දී විදෙස් තරුණියක් හා තරුණයෙක් පා පුවරුව අසල වාඩි වෙලා ආවා. ඔවුන් පෙම්වතා හා පෙම්වතිය වග තේරුම් ගන්න නම් වෙලාවක් ගියේ නෑ. බියර් බොමින් අන් අයගේ අවධානයට ලක්වන අයුරින් අල්ලාප සල්ලාපයේ යෙදුනා වුනත් කාටවත් එහි ගානක් නොතිබුනේ ඒ "සුද්දන්" නිසා විය යුතුය.
 
ටිකකින් හිස් බියර් ටින් එක තලා එලියට විසි කරනු දුටුවෙමි. ප්‍රසිද්ධ ස්ථානයක, පොදු ප්‍රවාහණ සේවයක මත් පැන් බීම වරදකි. නීතිය කාටත් පොදුය. එද්දී එය කියන්නේ නැතිද? මේ අතර එකිනෙකාගේ මුහුණ බලන මගියෙක් දෙදෛනෙක් දුටුවද අනෙකුන්ට වගක්වත් නැත. දෙවනුව බැදපු අපපෙති පැකට් එකේ කොටසක් ඉරා එලියට කාටත් හොරෙන් එය දුමිරියෙන් පිටතට විසිකරනු දුටිමි. එය වරදක් බව ඔහු දන්නා බව පසක් වන්නට විය. තවමත් අපේ උන්ට කතා නැත. අවසන් පොලිතින් උරය විසිකරන්නට ඔන්න මෙන්න කියා තිබියදී මගේ කට ඇරුණි. 
 
"මේක උඹලාගේ කුණු කූඩය කියා සිතනවාද?"
 
මගේ පැණය එයයි. කරුමය නම් උන්ට ඉංග්‍රීසිද බැරිය මට උන්ගේ බාසාව බැරිය. අවසන උන් උණවටුන යන වචනය තෙපරබාන්නට විය.
 
"මෙය මගේ රට මේක උඹලාගේ කුණු කූඩය නොවෙයි. උඹලාගේ කුණු උඹලා එක්ක අරන් පලයව්."
 
සුද්දා වරද පිලි නොගෙන මා එතැනට යද්දීත් උගේ මල්ලේ තිබූ හිස් ටින් එකක් පෙන්වන්නට විය. "මං දැක්කා උඹ ඒක කරනවා". මා පිලිතුරු දුන් පසු තරුණිය සමාවෙන්න යැයි කීවා වුවද තරුණයාගේ මුහුණේ ආවේගයකි. අව්කණ්නාඩියෙන් වසා සිටින දෑසත් තරුණියගේ අස්වැසුමත් මා නොදුටුවා සේ සිටියේ මට උගේ තරාතිරමෙන් වැඩක් නැති නිසාවෙනි. 

කතාව සිනාව අතුරුදහන් වුන තරුණිය හා තරුණිය බිම වාඩි ගත්තතෝය. දුම්රියේ ඝෝෂාව හැරෙන්නට මනා නිහැඬියාවකි. සුද්දා පාඩමක් උගත් වග මා දනිමි. නමුත් මේ එකෙකු පමණකි. මා වටා සිටි කාටත් මේ පැණය අසන්නට තිබුණු බව දනිමි. නමුදු උන් තවමත් නිහඬය. පරිසරය සුරකිමු මැයෙන් පොඩි වුන් රචනා ලියද්දී, අපි උද්ඝෝෂණ කරද්දී සාරධර්ම නොමැති විදේශිකයෝද රට විනාශ කරන්නේ උන්ගේ නොවන නිසාය.

දුටු තැන වරද හදන්නට උඹලාට වදන අවශ්‍ය නැත. කුණු විසිකරනු දුට නම් "ඩූ යූ තින්ක් දිස් කන්ට්‍රි ඉස් යුවර් ගාර්බේජ්?" කියල අහන්නත් සංස්කෘතියට අපහාස කරනවා නම් "දිස් කල්චර් ඩස් නොට් බිලෝන්ග්ස් ටු යූ, ටු රේප් ඉට්" කියන්න. ඒ ඇති. උන් ඉංග්‍රීසි බිංදුවක් හරි දන්නවා නම් අනිවා කටයි *** වහගෙන යයි යන්න.

රකින්න කියල කෑ ගහන විනාඩියක් ඇත්තටම රකින්න වැය කරන්න. ස්තූතියි..

No comments:

Post a Comment