Pages

Wednesday, July 2, 2014

මගේ ගමන් බිමන් පනස් තුන්වන කොටස - රාවණා ඇල්ල

බදුල්ල - බණ්ඩාරවෙල පාරේ කුඹල්වෙල හංදියේ ඉඳන් කිලෝමිටර 10ක් විතර ගියාම පාර අද්දර ඉඳන් බලන්න පුළුවන් දිය ඇල්ලක් තමයි රාවණා ඇල්ල කියන්නේ. පාර හරහා තියෙන පාලමේ ඉඳන් සුන්දරත්වය විඳින්න පුළුවන්. මීටර 25ක් විතර උස දිය ඇල්ල ගැන පුරාවෘත රැසක් අහන්න පුළුවන්.

එයින් ප්‍රසිද්ධම කතාන්දරය වන්නේ රාවණ රජු විසින් සීතා දේවිය රඳවා තැබුවා යන කතාන්දරයයි. සීතාදේවිය රැගෙන විත් සියළු ආරක්‍ෂාව සහිතව දිය ඇල්ල පිටුපස ඇති උමඟක සඟවා තැබූ බවටත් පැවසෙනවා. තවද දිය ඇල්ල ඇති සාදින්නාගල කන්දේ උමං ඇති බවත් එය එකල රාවණ රජුන්ගේ පුෂ්පක රථය එහෙමත් නැතිනම් දඬුමොණරය නවතා තැබූ තැනක් යැයිද විස්වාස කරනවා.

කොහොම වුනත් ඇල්ල වැල්ලවාය මාර්ගයේ ගමන් කරන බොහෝ දෙනා මේ දිය ඇල්ලේ සුන්දරත්ව විඳගන්න නම් අමතක කරන්නේ නැහැ. 


මගේ ගමන් බිමන් පනස් දෙවැනි කොටස - සුරතලී ඇල්ල

රත්නපුර දිස්ත්‍රික්කයට අයිති වෙන මේ දිය ඇල්ල තියෙන්නේ බෙලිහුල් ඔය පැත්තේ ඉඹුල්පේ හංදිය කිට්ටුව. පාරේ ඉඳන් මීටර 50ක් විතර ගියාම දකින්න පුළුවන්. පාරේ නම් සංචාරක අමාත්‍යාංශයෙන් හා පරිසර අමාත්‍යංශයෙන් දාපු නාම පුවරු දෙකක්ම තියෙනවා.

අතීතයේ මරන්ගහ ඇල්ල විදිහට හඳුන්වපු දිය ඇල්ල "සුරතලී" කියන සිංහල චිත්‍රපටයක රූගත කිරිම් වලට අරන් තියෙනවා. ඒ නිසා ඒ නමින් ප්‍රසිද්ධ වෙලා තියෙනවා. ශ්‍රී පාද රක්‍ෂිතයට අයිති වෙන මීටර 948ක් උස මල්ලවාන කඳුවැටියෙන් ආරම්භ වෙන කඩවත් ගඟෙන් නිර්මාණය වෙලා පස්සේ ජල පහර වේලි ගඟට ගලා බහිනවා. දිය ඇල්ලේ උස මීටර 60ක් විතර වෙනවා වගේම පළල මීටර 2ක් විතර තමයි වෙන්නේ. කොටස් තුනකට ගලා බහින දිය ඇල්ල අපූරු චිතුයක් මවනවා.


ඇස නොගැටුනු දූෂණය නොවුන කැලෑ රොදක තියෙන දිය ඇල්ල අවට ආවේණික මත්‍යයින් හා සතුන් බොහෝමයක් වාසය කරනවා. කොහෝම වුනත් ගිහින් බලන්න වටින තැනක්. යන එන ගමන් විඩාව කාංසිය නිවාගන්න හොඳ තැනක්. කොටස් තුනෙන් දෙකක් පහසුවෙන් නගින්න පුළුවන්. මැද හරියේ කුඩා ප්‍රමාණයේ තටාකයක් තියෙනවා. නාන්න වුනත් පුළුවන්. නමුත් එහි අයිනේ නම් ඉඳගෙන සෙල්ලම් කිරීම භයානකයි.

තව පින්තූර බලන්න

විඳින්න පුළුවන් සුන්දරත්වයක් තියෙනවා. විනාස නොකර අනාගතයට පරිස්සම් කරලා විඳගන්න...

Friday, June 27, 2014

ඇස නොගැටුනු රැකිය යුතු උරුමයන් .... 01

ධෛර්යය නිසාවෙන් අදටත් එය පවතින්නේය. පිටරැටියන්ගේ උදව් ඇතිව සිංහල පවුල් වෙනුවෙන් නිවාස ව්‍යාපෘති ගනනාවක් කල උන්වහන්සේට අදටත් උසාවියේ නඩු ගණනාවකි. ඒ දමිල මුස්ලිම් වරුන්ගේ විවිධාකාරයේ විරෝධී වැඩපිළිවෙල නිසාවෙනි. නමුදු සිංහලයා වෙනුවෙන් තැනක් නිර්මාණය කරමි, අපේ උරුමය රකිමි යන සිතිවිල්ල අධිෂ්ඨානය නිසාවෙන්ම රකිමින් සිටින පන්සලේ අනාගතය වෙනුවෙන් උන්වහන්සේ වසර 20කට අධික කාලයක් මෙම පන්සල රැකගනිමින් සිටින්නේය.




--------------------------------------
------------------------------------------
අද ගරාවැටුනු විහාර මන්දිරය අළුත්වැඩියා කරන්නට අඩිතාලම දමා වැඩ කොටසක් කරගෙන ගියද ඒ සඳහා යන වියදම වෙනුවෙන් කිසිදු දායකයෙකු නැති නිසාවෙන් එහි වැඩකටයුතු මන්දගාමී ස්වභාවයෙන් ඇදෙමින් පවතී. කැනඩාවේ පදිංචි මොරිස් සැන්ඩර්ස් නැමැත්තා විසින් ලබා දුන් රුපියල් ලක්‍ෂ 16ක මුදලක් නිසාවෙන් මේ වන තුරු වැඩකටයුතු කරගෙන ආ බවත් තවත් විශාල ප්‍රමාණයක වැඩකටයුතු සිදුකිරීමට ඇති බවත් විහාරස්ථානයේ ස්වාමීන් වහන්සේ පවසයි. 2015 ක් වූ මැයි මස වෙසක් පුන් පෝ දා වන විට එය විවෘත කර සුවහසක් ජනයා වෙනුවෙන් ධර්ම දේශනා සිදුකිරීමේ අරමුණ පෙර දැරිව උන්වහන්සේ තවමත් සෙමෙන් සෙමෙන් එහි වැඩ කටයුතු කරගෙන යනු දක්නට ලැබේ. ඇති තැනට ප්‍රසිද්ධියට සියල්ල ලැබෙන රටක කිසිත් බලාපොරොත්තු විය නොහැකි නිසාවෙනුත්, නැගෙනහිරට වෙනත් කිසිදු සිද්ධස්ථානයක් නොමැති නිසාවෙනුත් පැමිණෙන්නා වූ පිරිසේ අඩුව දැන් දැන් වඩා හොඳින් දැනෙන්නට පටන් ගෙන තිබේ.