ඉතින් මෙන්න කාලෙකින් ආවා අළුත් ලිපියක් එක්ක. දැන් වැඩ වැඩි නිසා කොහේවත් යන්න වෙන්නේ නැහැ. ඒත් අමාරුවෙන් වෙලාව හොයාගෙන හරි අපූරු තැනක් බලන්න යන්න පුළුවන් වුනා. ඒ ගාල්ල වඳුරඹ තියෙන ගලපොත රජමහා විහාරයට. මේ තැනට යන හැටි ඉස්සර වෙලාම කියන්නම්කෝ.
මුලින්ම ගාල්ලෙන් වඳුරඹට එන්න ඕන. වඳුරඹ පොලීසිය ගාවින් තියෙන පාරෙන් ගියාම මේ පන්සලට එන්න පුළුවන්. පුරාණ විහාරයක් නිසාවෙන් පෞඩ ඉතිහාසයකට හිමිකම් කියන තැනක් කියල කටකතා තිබුනත් අවාසනාවකට අද ජීවත් වෙන හුඟ දෙනෙක් මේ තැන තියෙන විශේෂත්වය දන්නේ නැහැ.
මෙහි ඉතිහාසය වලගම්බා රජ දවස වෙනකල් යන බව කිව්වත් ඒ පිළිබඳ විස්තරයක් ලබා ගන්න නම් ලැබුනේ නැහැ. පන්සලේ ස්වාමීන් වහන්සේ පවා රැස්වීමකට යන නිසාවෙන් උන්වහන්සේ ගෙන් පවා විසුතරයක් ලබා ගන්න හැකිවුනේ නැහැ. පස්සේ ගමේ අයගෙන් විස්තර අහන්න ගියත් අපේ අවාසනාවට ඒ දැනමුතු අය විවිධ රාජකාරි වල යෙදිලා හිටි නිසා ඒකත් අසාර්ථක වුනා. කොහොම වුනත් ලඟදී අවුරුදු 100 සම්පූර්ණ කල ඇල්බට් අබේුණවර්ධන මහත්මයා අපිට ටිකක් තොරතුරු ලබාදෙන්න කාරුණික වුනා. ඔහු කිව්ව ඉතිහාසයේ මතක කාරණා මෙහෙමයි.
කාල වකවානු මතක නැතත් කාලෙකට කලින් කිහිඹියේ හාමුරුදුවෝ පටන් ගත්ත මේ විහාරය පස්සේ උන්වහන්සේගේ ගෝලයෙකු වන පොල්ගස්වත්ත ධර්මසේන ස්වාමීන් වහන්සේත්, පසුව තිස්සමිත්ත ස්වාමීන් වහන්සේත් බාරගත් බව එහු කිව්වේ මාගේ පුංචි කාලේ මම අහපු විදිහට කියමින්. ඊටත් පස්සේ උගත් නායක ස්වාමීන් වහන්සේ නමක් වුන වැයිහේනේ කස්සප ස්වාමීන් වහන්සේ බාරයට පන්සල බාරවෙනවා. පස්සේ කාලෙක මේ ස්වාමීන් වහන්සේ නමින්ම තවත් පන්සලක් ආරම්භ කරල මේ ගලපොත විහාරය භාරයේ පාලනය කරමින් යනවා. දැන් මේ විහාරයේ පාලනය සිදු කරන්නේ බද්දේගම ධම්මික ස්වාමීන් වහන්සේ විසින්. ඒ කාලයේ තිබුන බෝධිය හා චෙත්‍යය තමා තාමත් තියෙනවා කියන්නේ. සියම් නිකායට අයිති මේ පන්සල එක්දහස් අටසිය ගනන් වල තමා නිර්මාණය වෙලා තියෙන්නේ.
සන්දරවල ආසන්නයේ තියෙන දුටුගැමුණු විහාරයට මෙතැන ඉඳන් උමඟක් තිබුණු බවත් ඒ කාලයේ මෙය දෙමලුන්ගේ බාරයේ තිබුනු බවටත් ඉතිහාසයක් ඇති බව පැවසුනත් ඒ පිලිබඳ නිවැරදි කාලයන් සමග විසිතරයක් දෙන්න පුළුවන් කමක් එහි සිටි අයට තිබුනේ නැහැ. කැලෑවේ සැඟවුන ගල් ගුහාවක් ගැනත් පසුව එක්දහස් අටසිය ගනන් වල පන්සල හදද්දී පැරණි ගල්ගුහාව තුල තිබුන විහාර ගෙයක් හමුවුන බවත් කියවනවා. තවත් කතාවක් තමයි කිලි කාලයට මේ පන්සලට යන්න බැරි බවත් නාගයෙක් විසින් එවැනි අය පලවා හරිමින් පන්සල රැකීම සිදුකල බව.
ගනපති නම් ප්‍රදේශික රජෙකු සැඟවී සිටීමට පවා මේ ග්‍රහා භාවිත කල බව කියවෙන මුඛ පරම්පාරෙන් ආව කතා කීපයකුත් තියෙනවා. මෙහි තත් විශේශයක් වන්නේ මෙහි දේවාලය විශාල අනුහස් ඇති තැනක් බවත් මේ දේවාලයේ ගල්දොරක් තිබී පසුව එය දෙයියන්දර කියන ගමේ ඇලට ගිහින් දාල තියෙනවා කියලත් කතාන්දරයක් තියෙනවා. කොහොම වුනත් පැරණි බව වැඩිවෙද්දීම විශාල කතා පුවත් නිර්මාණය වීම සාමාන්‍යයයි. සත්‍ය තොරතුරු සොයන්න තවත් පාරක් මේ පැත්තේ කරක්ගහන්න බලාපොරොත්තු වෙන ගමන්ම මෙතැනින් තව තැනකට යන්න සූදානම්වෙනවා... පින්තූර ගොන්න මෙතැනින් බලලා අපි හමුවෙමු ඊලග ලිපියෙන් ඒ තැන ගැන විස්තර දැන ගන්න.
No comments:
Post a Comment