Pages

Friday, October 10, 2014

Blood Moon පෙනෙන්නේ ඇයි?

Blood Moon කියන සිදුවීම පිළිබඳ දන්න අය ඇති ඒ වගේම නොදන්න අයත් ඇති.මේ ඒ අය වෙනුවෙන් ලියවෙන ලිපියක්. ක්‍රිස්තු ධර්මය අදහන අය නම් මේ Blood Moon කියන කතාවක් දන්නවා ඇති. මොකද බයිබලයේ අනාවැකියක් සඳහන් වෙන නිසා. කොහොම වුනත් මේ කියන්න යන්නේ ඒ ගැන නම් නොවෙයි.

පෘථිවිය කැරකෙමින් හිරු වටා යන ගමනේදී ඒ වටා කැරකැවෙන සඳ අපිට දකින්න පුළුවන්. ඒ වගේම අපි මාසයක් තුල දකින චන්‍ද්‍ර කලා ඇති වීම ගැනත් බොහෝ දෙනේ දන්නවා ඇතැයි සිතමි. මේ වන්‍ද්‍ර කලා ඇති වීම තුල ප්‍රධාන කරුණු දෙකක් තියෙනවා. එකක් පසලොස්වක පෝය දවස (Full Moon) සහ අමාවක (New Moon) දිනයයන් දෙක. ඒ වගේම අපි හිරු වටා යද්දී සඳු අප වටා යන කක්‍ෂ තලය සූර්යයා නිසාවෙන් මඳක් වෙනස්වෙමින් තමයි යන්නේ. මෙන්න මේ සිදුවීම් හේතුවෙන් අපිට වන්‍ද්‍ර ග්‍රහණය කියන සිදුවීම අත්විඳින්න පුළුවන් වෙලා තියෙනවා.

ඉතින් මෙන්න මේ කියන චන්‍ද්‍ර ග්‍රහණය සිදුවීමේදී වෙන්නේ පෘථිවියේ සෙවනැල්ල සඳ මත වැටීමක්. ඒ මෙන්න මෙහෙම.

ඉතින් මෙන්න මේ සිදුවීම සිදුවෙන්නේ පුර පෝය දවසකදී විතරයි. ඒ වගේම මම කියපු කක්‍ෂයේ වෙනස් වීම නිසා හැම පෝය දවසකදීමත් චන්‍ද්‍ර ග්‍රහණය දකින්න පුළුවන් වෙන්නේ නැහැ. සාමාන්‍යයෙන් අවුරුද්දකට දෙවතාවක් ලෝකයේ කොහේ හෝ රටකට පූර්ණ චන්‍ද්‍ර ග්‍රහණයත් අසල රටවල් කීපයකට අර්ධ චන්‍ද්‍ර ග්‍රහණයත් දකින්න පුළුවන්. මම උඩින් දාපු පින්තූරයේ තියෙන විදිහට චන්‍ද්‍රයාගේ ගමන නිසාවෙන් එය පූර්ණ ඡායාව ඇති තැනට ආවම අපිට මෙන්න මේ Blood Moon එහෙමත් නැතිනම් රතුපාට හඳක් දකින්න පුළුවන්. ඒකට හේතුවක් තියෙනවා.

සඳ සම්පූර්ණයෙන් වැහුනාම සූර්ය කිරණ සඳට වැටෙන්නේ පෘථිවිය හරහා. එහිදී පෘථිවියේ වායුගෝලය හරහා එන කිරණ වායුගාලයේ ජලවාශ්ප නිසාවෙන් වර්තනයට ලක්වෙනවා. අන්න එහෙසෙඳු මතට වැටෙන වර්තිත කිරණ පූර්ණ ඡායාව අවස්ථාවේදී ඇති අඳුර නිසාවෙන් අපට දකින්න පුළුවන් වෙනවා. ඒ වෙලවේදී හොඳින්ම වර්තනය වෙන රතු වර්ණය තමා අපිට පේන්නේ. කොහොම වුනත් අපිට මේ අවස්ථාවක් සඳු මත ඉඳන් බලන්න පුළුවන් නම් අපූරු විදිහට අඳුරු පෘථිවිය වටා දීප්තිමත් රතුපාට වලල්ලක් දකින්න පුළුවන් වෙයි. ඒ මෙ වර්තිත කිරණ. ඔන්න ඔහොම තමයි මේ රතු හඳ එහෙමත් නැතිනම් Blood Moon ඇතිවෙන්නේ.

මෙන්න තේරුණේ නැතිනම් තවත් තේරුම් ගන්න NASA එකෙන් දාපු වීඩියෝවක්.... කියවලා නිකන්ම යන්නෙ නැතව කොමෙන්ටුවක් දාලම යන්න...