පින්තූර ගැනිල්ල අපි හැමෝම කරනවානේ. මමත් ඒ වගේ පොඩි එකා කාලේ ඉඳන් ඇවිදින එක තමයි කලේ. තාත්ත එක්ක ඇවිදිමින් කරපු දේවල් වෙනමම ලිව්වා මතක ඇතිනේ... අමතක නම් ගිහින් බලන්න මෙතැනින්.....
පහුවෙද්දී පහුවෙද්දී පින්තූර ගන්න ඕන යන යන තැන පින්තූර ටිකක් එකතු කරගන්න ඕන කියන අදහස ආවා වුනත් කැමරාවක් ගන්න තරම් වත්කමක් තිබුනේ නෑ. මම මේ කියන කාලේ වෙද්දී කැමරා ෆෝන්, ස්මාර්ට් ෆෝන් කියල දෙයක් අහන්නවත් නෑ. තිබුන කැමරාව තමයි film රෝල් දාන ජාතියේ ඒවා. ට්‍රිප් යන අයගෙන් පින්තූර එකතු කරගත්තා වුනත් අපිට ඕන තැන් අපි දැක්ක විදිහට ගන්න විදිහක් තිබුනේ නෑ. අවුරුදු 5කට විතර පස්සේ Kodak KB 10 කැමරාවක් ගත්තා. ඒක පොඩි Offer එකකින් අඩුවට ලැබුනේ.
Sony w570 Compact කැමරාව |
Kodak KB 10 කැමරාවෙන් පින්නවලදී හදිසියේ දුවගෙන ආව අලි පැටියෙක් කිරි බොන හැටි |
Kodak KB 10 කැමරාවෙන් හෝර්ටන් තැන්නේදී ගෝණා |
ටික ටික Digital Compact කැමරා කරලියට එද්දි රීල් දාන ඒවා අයින් වෙන්න පටන් ගත්තා. අනුන්ගේ කැමරා වලින් පොඩි පොඩි පින්තූර ගන්න හම්බුනා වුනත් ඒවා මගේ අතට නම් ආවේ නෑ. ඒකට හේතු දෙකක් තිබුනා. එකක් තමයි ඒ පින්තූර ගෙනත් දාන්න විදිහක් නැතිකම. මොකද පරිඝණකයක් තිබුනේ නෑ. අනික ගත්තු පින්තූර ආයේ බලන්න බොහෝ විට ඒ ඒ අය හමුවෙන්න වුනේ නෑ. කොහොම හරි 2008 වෙද්දී Sony Erickson k530i Mobile Phone එකක් ගත්තා. ඒකෙන් පින්තූර ගන්න පුරුදු වුනා. පොඩි පොඩි පින්තූර ගත්තා වුනත් 2mp VGA කැමරා එකකින් ලොකු දෙයක් කරන්න පුළුවන් කමක් තිබුනේ නෑ. තාමත් Phone එක පාවිච්චි කලා වුනත් කැමරාව නම් දැන් වැඩ කරන්නේ නෑ. ඊට පස්සේ විවිධ දුරකථන භාවිත කරල ඡායාරූප ගත්තා. ඒ වෙද්දී විශ්ව විද්‍යාලයේ හිටි නිසාත්, පින්තූර දාන්න පරිඝණකය ලඟ තිබුන නිසාත් පින්තූර ටිකක් ඉතිරි කර ගන්න පුළුවන් වුනා.
Sony Erickson k530i Mobile Phone එක |
Sony Erickson k530i දුරකථනයෙන් |
Nokia N97 දුරකථනයකින් |
Nokia N97 දුරකථනයකින් |
Nokia N97 දුරකථනයකින් |
2011දී විතර ගත්තු Sony w570 තමයි ඊලඟට මම ලඟට ආවේ. ඒකෙන් ගත්තු පින්තූ ගනනාවක් අතරින් එකක් අන්තර්ජාලයේ ඡායාරූප සමූහයක පලකලා. ඒ කාලේ වෙද්දී පුංචි සාමාජිකයන් ගානක් හිටපු නිසා දාපු පින්තූරයට කොමෙන්ටුවක් ලැබුනා. ඒ තමයි මගේ පින්තූරයක අඩුපාඩුවක් පෙන්වලා ඡායාරූප කලාවට දාපු තැන. අද ලංකාවේ වැඩිම පිරිසක් ඉන්න සමූහයත් ඒක විය යුතුයි. නමුත් එදා වගේ නෙවෙයි අද සමූහය තුල සාමාජිකයන් අනිත් අයට අත දෙන්න මහන්‍සි වෙන්නේ නෑ. ඒ නිසා ඉගෙනීම ගැන නම් කියන්න අමාරුයි. අනිත් බොහෝමයක් සමූහ ගත්තා වුනත් ඒක තමයි ඇත්ත. තවකෙකුට අත දෙන්නේ නෑ.
2014 මැද වෙද්දී හීනයක් වෙලා තිබුන DSLR කැමරාවක් ගන්න පුළුවන් වුනා. ඒකට මුදල් තාත්ත දුන්නේ. ගත්තේ Nikon D90 එකයි Nikkor 18-105mm VR ලෙන්ස් එකයි Nikkor 55-300mm VR ලෙන්ස් එකකුයි. ඒ ටික එක්ක පින්තූර අරන් හැමදාම දැම්මා සමූහ වල. පටන් ගත්තේ නම් එක සමූහයක් දෙකක් එක්ක විතරයි. දැන් නම් සමූහ ගනනාවක පින්තූර දානවා. හොඳයි කියන දේට වඩා නරකයි මේක මෙහෙම වුනානම් කියන අය දැන් අඩුයි. වැරදි හදාගන්න අඩුපාඩු පෙන්වන්න ගොඩක් අය හිටියා. ලංකාවේ ප්‍රවීනයන් ඔවුන්ට කාලය ඇති ආකාර වලින් උදව් කලා. Ebay එක හරහා ගෙන්වපු Manual Extension Tube භාවිතා කරල මැක්‍රෝ ඡායාරූප ගන්න ආව මට මුහුනු පොතෙන් හඳුනගත්තු මිතුරෙක් Auto Extension Tube ටිකක් දුන්නා. ඒකට ආලෝක කරනය සඳහා මම ෆ්ලෑෂ් එකට ඇඩැප්ටරයක් හදාගත්තා. පස්සේ 2015 අවසානයේදී ලංකාවේ ඡායාරූප කලාවේ ප්‍රවීණයෙක් විශිෂ්ඨ කවි පබඳින්නෙකු වන ලාල් හෑගොඩ ගුරුතුමාගෙන් කලාව හදාරන්න පටන් ගත්තා. එය සාර්ථකව අවසන් කරන අතරේම මොරටුව විශ්ව විද්‍යාලයේ Nethadara ඡායාරූප තරඟය සඳහා ඡායාරූපයක් තේරුනා. එය මගේ පළමු ජයග්‍රහණයයි. පස්සේ ගත්ත සාමාන්‍ය ෆ්ලෑෂර් එකත් 27වෙනි උපන්දිනේට හම්බුන 50mm f1.8 ලෙන්ස් එකත් එක්ක දැන් නම් කැමරාවට සෑහෙන බඩු ටිකක් තියෙනවා.
Nikon D90 with 18-105mm VR Lens, 55-300mm VR Lens, 50mm f1.8G VR Lens, Triopo Flasher, Vivitar Auto Extension Tube Set |
මොරටු සරසවියේ නෙතදර ඡායාරූප තරඟයේ ජයග්‍රහණය |
No comments:
Post a Comment