Pages

Saturday, July 5, 2014

රටට පේන්න අපි කරන පව්... පිච්ච මල් පූජාව අනුරාධපුරය

පිච්ච මල් පූජාවක් තිබුණලු. ලක්‍ෂ සංඛ්‍යාත පිරිසක් ඇවිල්ලත්ලු. ජනාධිපතිතුමා ඉස්රරහින්ම හිටියා. ඒක නම් පින්තූරෙක දැක්කේ.. (ලක්‍ෂය ඉතින් ගනින්නයැ)
--- පව් කරන්න මාර ආසාවක් තියෙන්නේ නේද?----
---
-
හෝව් බණින්න එපා හේතුව කියන්නම්-----
-
-
ගස් වල මල් පිපෙන්නේ ඇයි. කෙටියෙන් කිව්වොත්. ඒ ගස්වල ප්‍රජනනයේ එක් අවධියක්.ගස් වල මල් පිපෙනවා. එහි රේනු තියෙනවා. ඒවායින් පරාග හටගන්නවා. එතැනින් පරාගනය හෙවත් ප්‍රජනන ක්‍රියාවලියක් වෙනවා. අපි ඒ ගහේ මල් ටික ඔක්කෝම කඩල ගිහින් චෙත්‍යය වටේ තියනවා.
-
-
මේ තියෙන මල් වලින් සමහරක් පරාගනය වෙලා. සමහරක් පිපුනා විතරයි.
-
ඒහෙනම් ඒ කරන්නේ කාටත් පේන්න කරන ගබ්සාවත්, එහෙමත් නැතිනම් උපත් විනාසයක්. (පාලනයක් කියන්න බැහැ මල් ඔක්කොම කැඩුවාම) ඉතින් හිතන්න ජීවියෙක් විනාස කරන එක පවත් නම් ගස් වලටත් ජීවයක් තියෙනවා ඒක විනාස කරන එක පවක් නෙවෙන්නේ කොහොමද?
--
*****
මේ පින්තූර වල ඉන්න අයගේ මූණු ඔක්කොම පින් කරන්නමද?


 -
දැන් අහයි බුද්ධිමත් ශ්‍රද්ධාබර උපාසක උපාසිකාවො ටික මෙන්න මෙහෙම.
එතකොට බුදුන්ට මල් පූජා කරන්නේ. ඒ කාලෙත් කලා කියල. මම දන්න හැටියට බුදුන්වහන්සේ එහෙම කරන්න කියල නැහැ. අනික අපේ පැරැන්නෝ කිව්වේ පුතේ තව කෙනෙකුට තියල මල් කඩාගන්න කියලයි. අනික එක මලක් පිදුවත් මල් ගොඩක් පිදුවත් එකම පින තමයි තියෙන්නේ කියල.
---
තවත් පවක් තියෙනවා. ඒ තමයි අපි චෙත්‍යය විනාස කිරීම හා ධාතූන් අසල ගඳ ගැස්සවීම. බලන්න පිච්ච මල් විතරක් නෙවෙයි ඕන මල් වර්ගයක් එක මත එක තිබුනොත් තැම්බෙනවා. ඒ ඒකේ තියෙන වතුර ගතිය එක්ක. තව පිච්ච මල් සුදු බිත්තියක තිබ්බොත් ඒක දුර්වර්ණ වෙනවා. තව ඔය පූජ කරන ලක්‍ෂගානම සුද්ධ කරන්නත් ඕනනේ. ඒ කාලයේදී අනිත්වා පරවෙලා ගඳ සහනවා. ඉතින් ධාතූන් තැන්පත් කල තැනක මේවා පවක් මිස වෙන මොකක්ද? සමහරවිට අපේ උපාසක මහත්වරු මෙහෙම හිතනව ඇති.....

මල් ගොඩයි. සුද්ධ කරන අයට පඩි, චෙත්‍යයේ හුණු ගාන්න ආධාර, සුද්ධකරන පින්, තීන්තගාන පින් වගේ අතුරු පින් රැසක් කරගන්න පුළුවන් වෙනවනේ. :P කුසල් කරන්න රටේ මේ කොණේ ඉඳන් අනිත් කොනට යන්න ඕන නැහැ. තමන් සතුව නෙලාගත් මලක් නැතිනම් තවත් කෙනෙකු පූජා කරන මලක් තමා තුලින් එන අවංක ශ්‍රද්ධාවෙන් යුතුව "මේ මල මමද බුදුන්ට පූජා කරමි. පූජා වේවා! " කියල ප්‍රාර්ථනා කරන්න.
අපි අච්චර කලා මෙච්චර කලා කියන එක නෙවෙයි. අරය දැක්ක මෙයා දැක්ක කියන එකත් නෙවෙයි. තමන් බැතියෙන් මලක් පූජ කරන්න. ඒකට උත්සව තියාගෙන ණය වෙලා යන්න ඕන නැහැ. යන්න පුළුවන් වෙලාවක යන්න. ගිහින් කලබලයක් නැතිව හිත නිවාගන්න උත්සාහ කරන්න. ණය වෙලා වාහන කුලියට අරන් ලෙඩ දුක් අස්සේ, සෙනඟ අස්සේ තෙරපිලා ලැබෙන පින් කොහේ යන්නද? හිතු වල පින් පිරෙන්න තැනක් නැහැ තියෙන්නේ වෛරය, ණය බර, කේන්තිය, විඩාව වගේ දේවල් විතරයි.

ඒ නිසා හිතන්න... බුදුන්සරණ යනවා කියන්නේ මේකමද කියල...

මගේ ගමන් බිමන් පනස් පස්වන කොටස - රජගල නටඹුන්

අම්පාර උහන ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශයේ රජගලතැන්න ග්‍රාමයේ තිබෙන මෙය දැන ලංකාවේ තියෙන විශාලම පුරාවිද්‍යා ස්ථානය කියන්නත් පුළුවන්. එහි ප්‍රමාණය දැනට අක්කර 1125ක් විතර. නමුත් ඊටත් වැඩිය ඇති කියලයි හිතන්නේ. අම්පාර නුවර පාරෙන් හැරිල ටිකක් දුර ඇතුලට ගියාම කන්ද පාමුලට එන්න පුළුවන්.
ගල් කුඩය

කඩා වැටුනු මුරගලක්

කන්ද මුදුනට යන්න ටිකක් අපහසුයි. ඒකට හේතුව පටු ගල් පඩිපෙල් අතරින් යන්න තිබීම හා ප්‍රදේශයේ ඇති වියලි කාලගුණික තත්ත්වයයි. කඳු මුදුන පුරා විශාල තැනි තලාවක් තිබේ. කෙසේ වෙතත් මෙතැන විශාල වටිනාකමක් ඇති පුරාවස්තු රාශියක් ඇති බව නම් සත්‍යයක්.ඉන් ප්‍රධානම කාරණය වන්නේ මහින්දාගමනය සත්‍ය බැව් දැක්වෙන වැදගත්ම සාක්‍ෂියක් මෙහි තිබීමයි. ඒ මහා වංගයේ සඳහන් මිහිඳු මහ රහතන් වහන්සේගේ මිහින්තලයේ නිධන් කල ධාතූන් හා ලංකාව පුරා විසිරවූ ධාතූන් ගැන කියවෙන ලිඛිත සාක්‍ෂි හමුවූ එකම ස්ථානය මෙය වීමයි. අද නටඹුන් වී ගිය මිහිඳුමහ සෑය දකින්න පුළුවන්. ඒ විතරක් නෙවෙයි ප්‍රදේශය පුරා විසිරිණු ගල් කුඩ විශාල ගණනක් දකින්න පුළුවන්. ඒවා සංඝයා සඳහා භාවනා කරන්න හා ගිමන් නිවා ගැනීම සඳහා යැයි විශ්වාස කල හැක.







අද මෙය රජගල ලෙස ව්‍යවහාරයේ තිබුණද එදා මේ සඳහා විවිධාකාර නම් භාවිත කර ඇති බැව් ලිපි කියවීමේදී පෙනීයයි. ඈතින් කිඹුලකු සේ දිස්වන නිසාවෙන් කුම්බිල නාමය සහිතව ගිරිකුම්බිල තිස්ස ලෙසත් තවත් කලෙක රාස්සහෙල, ධන තිස පවන ලෙසත් පසු කලෙක අරියාකාර ගිරිකුම්භිලවාපී තිස්ස පබ්බත විහාරය විදිහටත් හඳුන්වලා තියෙනවා. තවද II වන මහින්ද රජුගේ සමයේදී අරිත්තරා වෙහෙර විදිහටත් ක්‍රි.ව. 4වන සියවසේදී රචගල විදිහටත් හඳුන්වලා තියෙනවා.


මෙහි තිබෙන ප්‍රධානම ලෙනෙහි ඇති ලිපිය වසර 2000ක් පමණ පැරණිබව කියවේ. එහි අක්‍ෂර අනුව එය ක්‍රි. පූ. 1වන සියස හා ක්‍රි. ව. 1වන සියවස අතර කාලයේ යැයි පවසයි. තවද ලිපි අනුව මෙම ලෙන් සඟ සතු කිරීම තුන්හෙළය එක්සත් කල දුටුගැමුණු රජුන්ගේ සහෝදරයෙකු වූ සද්ධාතිස්ස රජුන්ගේ පුත්‍රෙයක් වූ ලජ්ජිතිස්ස රජුන් විසින් යැයි කියවේ. මෙහි සඳහන් සද්ධාතිස්ස රජුන් මා කලින් ලියූ ලිපි වන නෑල්ල විහාරය හා කදුරුගෙඩ විහාරය නම් ලිපිවල සඳහන් සද්ධාතිස්ස නම් මායා රටේ සද්ධාතිස්ස රජුන්ම යැයි සිතිය හැක. කෙසේ වෙතත් දැන මෙහි ඇති ලිපි සංඛ්‍යාව 80ක් පමණ යැයි පැවසේ. ඒ අතර ලෙන් ලිපි, ගිරි ලිපි, ටැම් ලිපි හා පුවරු ලිපි දකින්න පුළුවන්. තැන්න පුරා විසිරුණු පුරා විද්‍යා ස්ථාන 700ක් පමණ හඳුනාගෙන ඇති අතර සමහරක් දේ නිධනි හොරුන් විසින් සම්පූර්ණයෙන්ම පාහේ විනාශ කර ඇත. දැනට කැනීම් කරන තැන අනුරාධපුර යුගයේ මුල් කාලයට අයත් යැයි කිව හැකිය. ඒ කැටයම් වලින් තොරවූ නිර්මාණ නිසාවෙනි. දැනට කැනීම් භාර වැලිවිටිගොඩ මහතා පවසන අන්දමට මෙහි මතුපිට දකින ගොඩනැගිලි ස්ථරයට පහලින් තවත් ස්ථරයක ගොඩනැගිලි සමුවී ඇත. එනම් විනාශ වූ ගොඩනැගිලි මතින් නව ගොඩනැගිලි නිර්මාණය කර ඇත.

නරඹන්න එන අය නටඹුන් විනාශ කිරීම ගොඩක්ම සිද්ධ වුන තැනක් තමයි රජගල. විවිධ පුද්ගලයන් නම් හා දුරකථන අංක ලිවීම සිදු කරල තියෙනවා. ඒ නිසා පුරාවිද්‍යා සාක්‍ෂි විශාල ප්‍රමාණයක් විනාශ වෙලා. ඒ නිසා ඉල්ලීමක් තියෙනවා මොනයම් වෙලාවකදීවත් පුරා විද්‍යා ස්ථාන විනාශ කරන්න එපා. විශේශයෙන් ඒවා විනාශ වෙන විදිහේ දේවල් කරන්න එපා කියලයි ඉල්ලන්න තියෙන්නේ. ඒ පිළිබඳ නීතිමාලවක් තිබෙනවා වගේම දඪුවම් ලැබිය හැකි බව ලියා තිබෙන පුවරු පවා නොතකමින් බලධාරීන්ගේ ඇස නොගැටෙන අයුරින් ඒවා විනාශ කරන්නන් බහුලව දකින්න පුළුවන්.


රජගල නටඹුන් අතර මා මතකයේ රැඳි ප්‍රමාණය අපමණය. ඒ අතර අඩක් නිමවූ හිටි පිළිමයක්, ගලින් කල උළුවස්ස, නොසිඳී හැමදා ජලය ලබාදෙන සිංහ කට හා විශාල ගල් පාත්‍රය තිබේ. තවද එහි උළුවස්ස හිඳවීමට කුස්තුර මත රඳවා ඇති ආකාරය අපේ හෙල කලාකරුවා සිහිකරවයි. මා දුටු සියල්ලම වාගේ පින්තූර මා ඉහත සඳහන් කල 2012 මතක සටහන් හා 2014 මතක සටහන් අතරේ තිබේ. මේ පිළිබඳ තවත් මත තියෙනවා වුනත් ඒ පිලිබඳ සාක්‍ෂි නැහැ. කියවන ඔයාලත් දන්න දේ තියෙනවා නම් comment විදිහට දාන්න මටත් ඉගෙන ගන්න පුළුවන් වෙයි තවත් දේවල්...

Wednesday, July 2, 2014

මගේ ගමන් බිමන් පනස්හතර වන කොටස - ලිප්ටන් සීට් (Lipton's Seat)

මෙන්න ආයෙත් පට්ට තැනක්... ඒ තමා ලිප්ටන් සීට්. තියෙන්නේ දඹතැන්න වතුයායේ. යන්න පාරවල් දෙකක් තියෙනවා. එකක් හපුතලේ පාරෙන්, හපුතලේ ඉඳන් කිලෝ මීටර 10ක් විතර ආවම වතුයායට එන්න පුළුවන් නැත්තම් පූනාගල පාරෙන් කිලෝ මීටර 6ක් ආවත් එන්න පුළුවන්. අක්කර 925ක් වුන දඹතැන්න වතුයාය නිර්මාණය කරලා තියෙන්නේ තෝමස් ජේ. ලිප්ටන් කියල ස්කොන්ට්ලන්ත ජාතික සුද්දෙක්.  ඔහු ඇවිත් නිර්මාණය කල මේ තේ වත්ත ලෝකයේ හොඳම කළු තේ නිශ්පාදන කම්හල වෙනවා විතරක් නෙවෙයි ලංකාවේ තියෙන විශාලතම කම්හලත් වෙනවා. මේ තේවත්ත මැද්දතෙියෙන ලිප්ටන් සීට් කියන තැන මුහුදු මට්ටමෙන් අඩි 6450ක් ඒ කියන්නේ මීටර 1970ක් විතර උඩින් තමයි තියෙන්නේ.
මෙතැන තියෙන එක් විශේෂත්වයක් තමා අංශ

ක 360ක පරාසය දකින්න පුළුවන් වීම. ඒ කියන්නේ Pilkington poit එකක් වීම. ලිප්ටන් ලොක්කත් ඒ දවස් වල මෙතැනට ගොඩක් ආස කරල තියෙනවා. එයා ඇවිත් මෙතැන තියෙන ගලක් උඩින් වාඩිවෙලා වට පිට බලල තියෙනවා. ඒ තැන තමයි අද ලිප්ටන් සීට් කියන නමින් හඳුන්වන්නේ. කොහෝම වුනත් මෙතැන බලන්න එනවා නම් උදේම එන්න ඕන. ඒකට හේතුව මෙතැන හැම වෙලාවේම වගේ මීදුමෙන් වැහිලයි තියෙන්නේ.

මෙන්න ගත්තු පින්තූර ගොන්න...

තවත් දෙයක් තමයි මෙතැන ඉඳන් ලංකාවේ පලාත් නවයෙන් පහක්ම බලන්න පුළුවන් වීම. ඒ තමයි ඌව, සබරගමුව, දකුණ, නැගෙනහිර හා මධ්‍යම පලාත කියන ඒවා. ඒවායිනුත් හොඳින් පැහැදිලි දවසක හම්බන්තොට වරාය, සූරිය වැව පිට්ටනිය. මඩකලපුව, පාසිකුඩා, කිරිගල්පොත්ත කන්ද, කිකිළියාමාන, මත්තල ගුවන්තොටුපල, ගාල්ල, මාතර, ශ්‍රී පාදය වුනත් දකින්න පුළුවන්. ඉවසීමෙන් බලන් හිටියොත් මුහුද වුනත් හඳුනාගන්න පුළුවන්. කොහෝම වුනත් සංචාරකයන් විශාලග පුමාණයක් ඇදල ගන්න තරම් මෙතැන ආකර්ශනීයයි. නමුත් වැසිකාලයට හා අකුණු ගහන කාලයටනම් මෙතැන භයානක තැනක්. මොකද ඉහල තැනිතලා බිමක් නිසා අකුණු වදින්න පුළුවන්.



පාරවල් ටිකක් දුහ්කර වුනත් ඒවායේ වාහන එනවා. ලොකු බස් එකක් නම් එන්න අමාරුයි. මම වගේ බයිසිකලයක එන අයට නම් ගොඩක් පහසුයි මෙතැන බලන්න.

මගේ ගමන් බිමන් පනස් තුන්වන කොටස - රාවණා ඇල්ල

බදුල්ල - බණ්ඩාරවෙල පාරේ කුඹල්වෙල හංදියේ ඉඳන් කිලෝමිටර 10ක් විතර ගියාම පාර අද්දර ඉඳන් බලන්න පුළුවන් දිය ඇල්ලක් තමයි රාවණා ඇල්ල කියන්නේ. පාර හරහා තියෙන පාලමේ ඉඳන් සුන්දරත්වය විඳින්න පුළුවන්. මීටර 25ක් විතර උස දිය ඇල්ල ගැන පුරාවෘත රැසක් අහන්න පුළුවන්.

එයින් ප්‍රසිද්ධම කතාන්දරය වන්නේ රාවණ රජු විසින් සීතා දේවිය රඳවා තැබුවා යන කතාන්දරයයි. සීතාදේවිය රැගෙන විත් සියළු ආරක්‍ෂාව සහිතව දිය ඇල්ල පිටුපස ඇති උමඟක සඟවා තැබූ බවටත් පැවසෙනවා. තවද දිය ඇල්ල ඇති සාදින්නාගල කන්දේ උමං ඇති බවත් එය එකල රාවණ රජුන්ගේ පුෂ්පක රථය එහෙමත් නැතිනම් දඬුමොණරය නවතා තැබූ තැනක් යැයිද විස්වාස කරනවා.

කොහොම වුනත් ඇල්ල වැල්ලවාය මාර්ගයේ ගමන් කරන බොහෝ දෙනා මේ දිය ඇල්ලේ සුන්දරත්ව විඳගන්න නම් අමතක කරන්නේ නැහැ. 


මගේ ගමන් බිමන් පනස් දෙවැනි කොටස - සුරතලී ඇල්ල

රත්නපුර දිස්ත්‍රික්කයට අයිති වෙන මේ දිය ඇල්ල තියෙන්නේ බෙලිහුල් ඔය පැත්තේ ඉඹුල්පේ හංදිය කිට්ටුව. පාරේ ඉඳන් මීටර 50ක් විතර ගියාම දකින්න පුළුවන්. පාරේ නම් සංචාරක අමාත්‍යාංශයෙන් හා පරිසර අමාත්‍යංශයෙන් දාපු නාම පුවරු දෙකක්ම තියෙනවා.

අතීතයේ මරන්ගහ ඇල්ල විදිහට හඳුන්වපු දිය ඇල්ල "සුරතලී" කියන සිංහල චිත්‍රපටයක රූගත කිරිම් වලට අරන් තියෙනවා. ඒ නිසා ඒ නමින් ප්‍රසිද්ධ වෙලා තියෙනවා. ශ්‍රී පාද රක්‍ෂිතයට අයිති වෙන මීටර 948ක් උස මල්ලවාන කඳුවැටියෙන් ආරම්භ වෙන කඩවත් ගඟෙන් නිර්මාණය වෙලා පස්සේ ජල පහර වේලි ගඟට ගලා බහිනවා. දිය ඇල්ලේ උස මීටර 60ක් විතර වෙනවා වගේම පළල මීටර 2ක් විතර තමයි වෙන්නේ. කොටස් තුනකට ගලා බහින දිය ඇල්ල අපූරු චිතුයක් මවනවා.


ඇස නොගැටුනු දූෂණය නොවුන කැලෑ රොදක තියෙන දිය ඇල්ල අවට ආවේණික මත්‍යයින් හා සතුන් බොහෝමයක් වාසය කරනවා. කොහෝම වුනත් ගිහින් බලන්න වටින තැනක්. යන එන ගමන් විඩාව කාංසිය නිවාගන්න හොඳ තැනක්. කොටස් තුනෙන් දෙකක් පහසුවෙන් නගින්න පුළුවන්. මැද හරියේ කුඩා ප්‍රමාණයේ තටාකයක් තියෙනවා. නාන්න වුනත් පුළුවන්. නමුත් එහි අයිනේ නම් ඉඳගෙන සෙල්ලම් කිරීම භයානකයි.

තව පින්තූර බලන්න

විඳින්න පුළුවන් සුන්දරත්වයක් තියෙනවා. විනාස නොකර අනාගතයට පරිස්සම් කරලා විඳගන්න...

Friday, June 27, 2014

ඇස නොගැටුනු රැකිය යුතු උරුමයන් .... 01

ධෛර්යය නිසාවෙන් අදටත් එය පවතින්නේය. පිටරැටියන්ගේ උදව් ඇතිව සිංහල පවුල් වෙනුවෙන් නිවාස ව්‍යාපෘති ගනනාවක් කල උන්වහන්සේට අදටත් උසාවියේ නඩු ගණනාවකි. ඒ දමිල මුස්ලිම් වරුන්ගේ විවිධාකාරයේ විරෝධී වැඩපිළිවෙල නිසාවෙනි. නමුදු සිංහලයා වෙනුවෙන් තැනක් නිර්මාණය කරමි, අපේ උරුමය රකිමි යන සිතිවිල්ල අධිෂ්ඨානය නිසාවෙන්ම රකිමින් සිටින පන්සලේ අනාගතය වෙනුවෙන් උන්වහන්සේ වසර 20කට අධික කාලයක් මෙම පන්සල රැකගනිමින් සිටින්නේය.




--------------------------------------
------------------------------------------
අද ගරාවැටුනු විහාර මන්දිරය අළුත්වැඩියා කරන්නට අඩිතාලම දමා වැඩ කොටසක් කරගෙන ගියද ඒ සඳහා යන වියදම වෙනුවෙන් කිසිදු දායකයෙකු නැති නිසාවෙන් එහි වැඩකටයුතු මන්දගාමී ස්වභාවයෙන් ඇදෙමින් පවතී. කැනඩාවේ පදිංචි මොරිස් සැන්ඩර්ස් නැමැත්තා විසින් ලබා දුන් රුපියල් ලක්‍ෂ 16ක මුදලක් නිසාවෙන් මේ වන තුරු වැඩකටයුතු කරගෙන ආ බවත් තවත් විශාල ප්‍රමාණයක වැඩකටයුතු සිදුකිරීමට ඇති බවත් විහාරස්ථානයේ ස්වාමීන් වහන්සේ පවසයි. 2015 ක් වූ මැයි මස වෙසක් පුන් පෝ දා වන විට එය විවෘත කර සුවහසක් ජනයා වෙනුවෙන් ධර්ම දේශනා සිදුකිරීමේ අරමුණ පෙර දැරිව උන්වහන්සේ තවමත් සෙමෙන් සෙමෙන් එහි වැඩ කටයුතු කරගෙන යනු දක්නට ලැබේ. ඇති තැනට ප්‍රසිද්ධියට සියල්ල ලැබෙන රටක කිසිත් බලාපොරොත්තු විය නොහැකි නිසාවෙනුත්, නැගෙනහිරට වෙනත් කිසිදු සිද්ධස්ථානයක් නොමැති නිසාවෙනුත් පැමිණෙන්නා වූ පිරිසේ අඩුව දැන් දැන් වඩා හොඳින් දැනෙන්නට පටන් ගෙන තිබේ.