වෙසක් එකත් එක්ක ආව නිවාඩුවේ මටත් හිතුනා ටිකක් ඇවිදින්න. ඒත් ඉතින් යන එන තැන දකින වෙසක් සිරිය එක්ක යන ගමන් වෙනස් කරල පන්සලකට ගොඩ වෙන්න තමයි හිතුවේ. කාලෙකින් යන්න හිටි තැනක්. ඒත් ඉතින් යන්න කලින් මගදී දැක්ක දේවල් එක්ක ටිකක් විතර කණගාටුවක් එක්ක තමයි පන්සලට යන්න ලැබුනේ. ගිය පන්සලේ විස්තරය "ගමන් බිමන්" ලිපි පෙලත් එක්ක අරන් එන්නම්. ඒත් ඉතින් මේ කියන්න යන්නේ වෙනමම කතාවක්.
වෙසක් කියන්නේ පිං රැස් කරන කාලෙ කියලයි කට්ටිය හිතන් ඉන්නේ. ආලෝක පූජාවන් කරමින් වෙසක් තොරණ්, වෙසක් කූඩු හදන්නේ තරඟයට. ඒ විතරක් නොවෙයි වෙසක් දන්සැල්. දැන් දන්සැල් දෙන්නේ තමන්ගේ පුළුවන්කරකම් පෙන්වන්න මිසක් දානයක් දෙන්න නෙවෙයි. මෙන්න මේවා තමා වෙසක් කාලෙට ඇහෙන වදන් ටික.
අපේ xවෙනි වරට පවත්වන දන්සැල තමයි බෝඩ් එක.
අපේ xවෙනි වරට පවත්වන දන්සැල තමයි බෝඩ් එක.
එහා ගෙදර කට්ටිය දන්සැලක් දෙනව අපිත් එකක් දෙමු.
අර හංදියේ දන්සැලේ මාර සෙනඟක් ඉන්නේ කෑම හොඳ ඇති.
අපිටත් බත් එකක් ගේන්න. අද උයන්නේ නෑ දන්සැල් තියේනේ. ෆයිඩ් රයිස් නම් හොඳයි.
මෙන්න මේ වගේ එකී මෙකී නොකී දහසකුත් වදන් අහන්න පුළුවන් මේ කාලෙට. ඒ විතරක් නෙවෙයි. අර ******** පන්සලේ මරු ඒකේ තමා හොඳට සෙනඟ ඉන්නේ අපිත් ඒකට යමු. මෙහේ පන්සලේ මොකුත් නෑ බලන්න.
ඉතින් මේ දේවල් වෙන්නේ තමන්ගේ පන්සල සරසන්න තමන් උත්සාහ නොගත්තු නිසා කියල තේරෙන්නේ නෑ නේද අපේ අයට.
වෙසක් කියන්නේ ගෙදර ඉන්න පවුල් පිටින් අරගෙන ඇවිදින්න තියෙන දවස නෙවෙයි. දැන් මිනිස්සු කරන්නේ දන්සැල් වන්දනාවේ යන එක. නමුත් ඉස්සර සිදු වුනේ වන්සනාවේ යන අයට දන්සැල් දීපු එක. කෝකද කල යුතු කියන එක ඔයාලට බාරයි.
මෙන්න දැන් තමා නියම ටික. හැමෝටම දකින්න ලැබිල ඇති මේ දවස් වල කිරි හරක් නිදහස් කරන්න සල්ලි එකතු කරන හැටි. බොහෝමයක් පිරිස් කිරි හරක් නිදහස් කරන්න කියල සල්ලි එකතු කරන්න පටන් ගන්නේ වෙසක් මාසෙ විතරයි. මේ අතරේ මම දැක්ක හරිම පව්කාරම වැඩක් දැක්කෙත් මේ වෙසක් මාසයේමයි. ඒ තමයි මේ වගේ සල්ලි එකතු කරන්න හරකෙක් වාහනයක පටවගෙන යන හැටි. අර මොනවහරි විකුණගන්න ඕන වුනාම model එකක් හරි sample එකක් හරි අරගෙන යන්නේ. අන්න ඒ වගේ හරකෙක් වාහනයක පිටි පස්සේ පටවගෙන යනවා පෙන්වන්න.
දවල් දැක්ක ඒ වාහනේම හවස මහ වැස්සෙත් ඒ විදිහටම හැම තැනම යනවා. හැබැයි ඉතින් අව්ව වැස්සෙන් ආරක්ෂාවක් නැත්තේ පිටිපස්සේ ඉන්න හරකට විතරයි. මේ වෙගේ දේවල් වෙසක් වලට විතරක් නෙවෙයි කවදාටත් නොකල යුතුයි වගේම මේ වගේ දේවල් කරනව දැක දැක ඉන්න සත්ත්ව අවිහිංසා සංගම් හා පොලීසිය ගැන නම් කියන්න තියෙන්නේ බොහෝම කණගාටුදායක විදිහේ කතාවක්.
නැති බැරි තැන ගොරවාගෙන දිව යන්නේ
ඇති හැකි තැන අකුලාගෙන දිව එන්නේ
නැති බැරි තැන ගොරවාගෙන දිව යන්නේ
ඇති හැකි තැන අකුලාගෙන දිව එන්නේ
විමසාගෙන බැලුවොත් අප හැම දන්නේ
මුදලින් විතරයිද හැම දේ විසඳෙන්නේ
මුදලින් විතරයිද හැම දේ විසඳෙන්නේ
කොහොම වුනත් ප්රසිද්ධ පන්සල් වල සිල් ගන්න එකයි තමන්ගේ ප්රසිද්ධිය හා හැකියාවන් පෙන්වන්න දන්සැල් දෙන එකයි වෙනුවට ගෙදැරට වෙලා ප්රයෝජනවත් වැඩක් කලා නම් ඊට වඩා වටිනවා. අනික මේ වගේ සත්තුන්ගේ නිදහස විනාශ කරමින් මුදල් එකතු කරන එක වගේ දේවල් නම් වැලක්වන්න පුළුවන් නම් හොඳයි. වෙසක් දවස අර්ථවත් විදිහට කරගෙන යන්න. ඒ දවස ඇයි විශේෂත්වය මොකක්ද කියලවත් නොදැන හිතෙන හිතෙන දේ අනිත් අය කරනවට කරන එකෙන් තමන්ට වත් වෙන කෙනෙකුටවත් වැඩක් වෙන්නේ නම් නෑ.
No comments:
Post a Comment