සත්‍ය සිදුවීමක් පදනම් කරගනිමින් ලියවුන මේ ගීතයද නිමල් ආනන්ද මහතාට සැබැවින් වුන සිද්ධියක් බැව් කියවේ. කෙසේ හෝ වේවා මෙහි කකාව නිමැවෙන්නේ දුප්පත් මල්ලියෙක් හා පෝසත් අයියෙක් අතර සිදුවීමකින් බැට කෑ මල්ලිගේ සිතිවිලි දාමයක් විදිහටයි.
කුඹුරු ගොවිතැන් කල පියා ලමුන්ට උගන්වන්නට තැත් කලද මල්ලි කට්ටි පනිමින් අධ්‍යාපනය කඩාකප්පල් කරගනී. අයියා හොඳින් ඉගෙන ගෙන සරසවියට ඇතුලුව එහිදී හමුවන නගරයේ ගැහැණු ලමයෙකු හා විවාහ වෙයි. පියා විසින් දෙදෙනාට තම වත්කම් බෙදා දුන් පු අයියා ගමේ ඉඩකඩම් විකුණා නගරයේ පදිංචියට යයි.
දිනක් අයියා නිවසට පැමිණෙන්නේ වී වගාකල අක්කර බාගයක ඉඩම වෙනුවෙනුයි. තමාට වඩා මල්ලීට වැඩියෙන් ඉඩම් දුන්නාය කියමින් පැමිණෙන අයියාගේ සන්ඩුව අවසන් වෙන්නේ අම්මාගේ අත ගසා දමා නිවසින් පිටවී යාමෙනි. මෙතැනදී මල්ලිගේ සිතිවිලි මෙසේ ගීතවත් වේ.
අයියන්ඩියේ නුඹ ඇවිදින් ගිය දවසේ
ගිණි ඇවිලුණා කැණි මඬලට අපෙ නිවසේ
එක පත අනා එකටම කෑ පෙර දවසේ
මං අමතකද උඹ රජවුනු අද දවසේ
ගිණි ඇවිලුණා කැණි මඬලට අපෙ නිවසේ
එක පත අනා එකටම කෑ පෙර දවසේ
මං අමතකද උඹ රජවුනු අද දවසේ
අයියේ නුඹ ඇවිත් ගිය දවසේ අපේ නිවස විනාශ වෙලා සතුටක් නැහැ. නිවසක සියලු පරාල එක තැනකට අරන් එතැන කූඤ්ඤයකින් සිර කරල වහලය සකස් කරන ක්‍රමයක් තියෙනවා. එ මැදට කියන්නේ කැණි මඬල කියලයි. එතැන විනාශ වුනොත් මුලු වහලයම කඩා වැටෙනවා. මල්ලි අහන්නේ අයියගෙන් ඒක. ඇයි අපේ හොඳ සාමකාමීව තිබුන ගෙයි සතුට විනාශ කලේ? අයිය ඉගනගෙන නගරෙට ගිහින් හොඳට රපජක් වගේ සැප ලැබෙනවා නේද? ඒ වෙලත් එක පිඟාගනක එකට වාඩිවෙලා බත් කාපු මල්ලි අද අමතක වුනාද?
අම්මා එක්ක දබරව පැණ ගිය වැත්තේ
ලැම දා ගියා බත හිරවුනි කුස ගින්නේ
දෑසේ කඳුලු වැහිපොද ලෙස වෑහෙන්නේ
වී පෑලකට ඇයි නුඹ විරසක වෙන්නේ
ලැම දා ගියා බත හිරවුනි කුස ගින්නේ
දෑසේ කඳුලු වැහිපොද ලෙස වෑහෙන්නේ
වී පෑලකට ඇයි නුඹ විරසක වෙන්නේ
අම්මා එක්කත් රන්ඩු වුනා එහෙම කරල අම්මගේ අතත් ගසල දාල පිටත් වුනා. ඒ වෙලාවේ ඉඳන් හරිහැටි කෑමක් නෑ. කන්න හිතෙන්නේ වත් නැති තරම් ලිපේ මොනවත් උයන්න හිතෙන්නේ නැති තරම් අම්මත් දුකින්. මාත් දුකින්. ඒ සියල්ල මතකයට එද්දී මගේ ඇස් වලින් කඳුලු ගලන්නේ මටත් නොදැනී. ඇයි අයියේ පොඩි කුඹුරකට රන්ඩු වෙන්නේ. අක්කර ගානක් ලැබිලත් විනාශ කරගත්තු ඔයා ඇයි දැන් මේ අක්කර බාගයකින් ලැබෙන වී පෑලක් වෙනුවෙන රන්ඩු වෙන්නේ?
ඉරට සැපක්දෝ නියඟය දලු ලෑම
සඳට සැපක්දෝ ඝණදුර පීදීම
නුඹට සැපක්‍දෝ අපි තනිකර යෑම
මහපොලවකට නඩුහබ ඇයි ගතු කීම
සඳට සැපක්දෝ ඝණදුර පීදීම
නුඹට සැපක්‍දෝ අපි තනිකර යෑම
මහපොලවකට නඩුහබ ඇයි ගතු කීම
ඉර සරට පායද්දි පොලවේ ජීවය විනාශ වෙන තරම් වෙනවා. ඒකෙන් ඉර සතුටු වෙනවද? සඳ පායන්නේ නැතිනම් රාත්‍රිය අන්ධකාරයේ ගිලෙනවා. ඉතින් සඳ නොපායා ඉන්නේ ඒක සඳට සැපතක් නිසාද? ඒ වාගේ අපිව තනිකරල ගිය එක ඔයාට සැපතක්ද අයියේ? ඔයා ගිය එක ගැන අපි කණගාටු වුනා. ඔයා නැති අඩුව අපට දැනෙනවා ගොඩක්. එහෙම වෙලත් ඇයි මේ මහපොලවට නඩු කින්න තරම් රන්ඩුවක් වෙන්නේ. ඇයි පංගු බෙදාගන්න බැරිව රන්ඩු වෙන්නේ කියල මල්ලි අහනවා.
අයියන්ඩියේ නුඹ ඇවිදින් ගිය දවසේ
ගිණි ඇවිලුණා කැණි මඬලට අපෙ නිවසේ
එක පත අනා එකටම කෑ පෙර දවසේ
මං අමතකද උඹ රජවුනු අද දවසේ
ගිණි ඇවිලුණා කැණි මඬලට අපෙ නිවසේ
එක පත අනා එකටම කෑ පෙර දවසේ
මං අමතකද උඹ රජවුනු අද දවසේ
අම්මා එක්ක දබරව පැණ ගිය වැත්තේ
ලැම දා ගියා බත හිරවුනි කුස ගින්නේ
දෑසේ කඳුලු වැහිපොද ලෙස වෑහෙන්නේ
වී පෑලකට ඇයි නුඹ විරසක වෙන්නේ
ලැම දා ගියා බත හිරවුනි කුස ගින්නේ
දෑසේ කඳුලු වැහිපොද ලෙස වෑහෙන්නේ
වී පෑලකට ඇයි නුඹ විරසක වෙන්නේ
ඉරට සැපක්දෝ නියඟය දලු ලෑම
සඳට සැපක්දෝ ඝණදුර පීදීම
නුඹට සැපක්‍දෝ අපි තනිකර යෑම
මහපොලවකට නඩුහබ ඇයි ලතු කීම
සඳට සැපක්දෝ ඝණදුර පීදීම
නුඹට සැපක්‍දෝ අපි තනිකර යෑම
මහපොලවකට නඩුහබ ඇයි ලතු කීම
අයියන්ඩියේ නුඹ ඇවිදින් ගිය දවසේ
ගිණි ඇවිලුණා කැණි මඬලට අපෙ නිවසේ
එක පත අනා එකටම කෑ පෙර දවසේ
මං අමතකද උඹ රජවුනු අද දවසේ
ගිණි ඇවිලුණා කැණි මඬලට අපෙ නිවසේ
එක පත අනා එකටම කෑ පෙර දවසේ
මං අමතකද උඹ රජවුනු අද දවසේ
පද රචනය : නිමල් ආනන්ද
ගායනය : විශාරද ගුණාස කපුගේ
ගායනය : විශාරද ගුණාස කපුගේ
No comments:
Post a Comment